Local

පොදු සමාව අවභාවිත කරලා – පොලිසියෙන් නිවේදනයක් නිකුත් කරයි

Sunday, 08 June 2025 - 7:36 pm

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය වෙසක් පොහෝ දින පොදු සමාව ලබා දීමේ වැඩසටහන අනුව ලබා දුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිප දෙනෙකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබා දුන් සැකකරුවන් සේ සලකා නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය 06 වැනි දින ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණි.

එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් මීට අදාළව ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එහිදී බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් මීට අදාළව ප්‍රශ්න කරමින් ප්‍රකාශය සටහන් කර ගත් බවත් තවදුරටත් ලේඛන පරීක්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමටද නියමිතව ඇති බව දන්වා ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත්තේ මේ දක්වා සිදුකළ විමර්ශන අනුව මෙම පොදු සමාව අනීතික ලෙස භාවිත කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතින බවයි.

මෙලෙස අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් සම්බන්ධව අදාළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධිත සියලුම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අතර එම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මීට ප්‍රථමවද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවටද තොරතුරු හෙළිදරව් වී ඇති බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඒ අනුව මේ සම්බන්ධවද ඉදිරියේදී විමර්ශන සිදුකරනු ලබන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරය තුළින් මෙලෙස අධිකරණය මගින් වරදකරුවන් වූ පුද්ගලයින් අනීතිවක නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT