Business

ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු වසරේ ජනප්‍රියම ශිෂ්‍යත්ව ගුරුවරිය ලෙස BWIO හා APLA සම්මානවලින් පිදුම් ලබයි

Saturday, 03 August 2024 - 10:06 am

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් දහස් ගණනකට මාර්ගගත ක්‍රමයට උපකාරක පන්ති පවත්වන දිවයිනේ අංක එකේ ශිෂ්‍යත්ව ගුරුවරිය වන ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය Business World Inte ational Organization සංවිධානය කළ BWIO සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියම ශිෂ්‍යත්ව ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. එසේම සමස්ත ලංකා වෘත්තීය දේශකයන්ගේ සංගමයේ 10 වැනි ද්වි-වාර්ෂික සමුළුවේදීද ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කරන මෙහෙවර අගයමින් ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇය වෙත ගෞරවණීය සම්මානයක් පිරිනැමීය.

ශිෂ්‍යත්ව විභාගය සමත් වන ඉහළම ශිෂ්‍ය ප්‍රතිශතයක් ඇති ගුරුවරිය වන හයේශිකා ප්‍රනාන්දු මහත්මිය ඇයටම ආවේණික ක්‍රමවේදයක් ඔස්සේ ඉගැන්වීම් සිදු කර විභාගයට ඉතා සාර්ථකව මුහුණ දීමට සිසුන් සූදානම් කරවයි. සියලු පන්ති තනිවම මෙහෙයවන ඇයගෙන් අධ්‍යාපනය ලැබූ සිසුන් සංඛ්‍යාව 100,000කට අධික වේ. ප්‍රධාන කාණ්ඩ පහකින් නිර්මාණය වී ඇති ඇයගේ පන්ති සිසුන්ට ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 190ට වැඩියෙන් ගැනීමට මඟ පාදයි. මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන පන්තිවලින් ප්‍රවාහන අවශ්‍යතා මතු නොවීම, මඟ හැරුණු පාඩම් යළි පරිශීලනය කළ හැකි වීම සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සොයා බැලීමට දෙමවුපියන්ට අවස්ථාවක් ලැබීම වැනි බොහෝ වාසි සැලසේ. 2023දී දිවයිනේ වැඩිම ලකුණු ගත් සිසුන් 10 දෙනාගෙන් 8 දෙනෙකු හයේශිකා ප්‍රනාන්දු මහත්මියගේ සිසුන් වීම ඇයගේ ඉගැන්වීමේ සාර්ථකත්වය මනාව තහවුරු කරයි.

Facebook, YouTube වැනි සෑම සමාජ මාධ්‍ය ජාලයකම ජනප්‍රිය හා ආදරණීය චරිතයක් වන හයේශිකා ප්‍රනාන්දු මහත්මිය පන්තිවලට සහභාගි වන සෑම සිසුවෙකු පිළිබඳවම වෙන් වෙන්ව අවධානය යොමු කරයි. අනෙක් සිසුන්ට සාපේක්ෂව වැඩි අවධානයක් යොමු කළ යුතු සිසුන් සම්බන්ධයෙන්ද සොයා බලන ඇය සිසුන්ගේ මෙන්ම දෙමවුපියන්ගේද ප්‍රසාදය දිනා ඇත. ඇයගේ පන්තිවල සුවිශේෂ අංගයක් ලෙස සෑම වසරකම ශිෂ්‍යත්ව විභාගය අවසානයේ උත්කර්ෂවත් ලෙස කොළඹදී පැවැත්වෙන සහතික ප්‍රදානෝත්සවය හැඳින්විය හැකිය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT