Local

කැකිරාවේ පාසලක් මත් රකුසාට බිලිවෙයි

Monday, 02 September 2024 - 9:13 pm

පාසල් පද්ධතිය තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුවත් ඒවා සැබෑ සාර්ථකත්වයක් ළඟා කරගෙන ඇත්ද යන්න සැබැවින්ම ගැටලුවකි.

පාසල් තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ බරපතළකම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුකරවන තවත් සිදුවීමකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් පාසලක දර්ශන කිහිපයකි.

එම පාසලේ දරුවන් පාසල තුළට විවිධ වර්ගයේ නිති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය රැගෙනවිත් මෙලෙස විවිධ ස්ථානතුළ සඟවා තබන්නේ සෙසු සිසුන්ටද ලබාදීමේ අරමුණිනි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිනිය, විනය භාර ගුරුවරයා සහ සෙසු ගුරුවරුන් සිසුන්ට අවවාද කර තිබුණි.

නමුත් සිදුව ඇත්තේ ගුරුවරුන් දරුවන් ශාරීරික සහ මානසික වශයෙන් හිංසනයට ලක්කළ බව පවසමින් ඔවුන්ගේ මව්පියන් පොලීසියට පැමිණිලි කර දරුවන් රෝහල්ගත කිරීමයි.

දරුවන් පාසල තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම සහ ඒවා පාසල තුළදී භාවිත කළ බවට සියලු සාක්ෂි සහිතව විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුදන් පොලීසියට පැමිණිලි සිදුකළත් ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකර ඇත්තේ මුනිවත රැකීම පමණි.

දරුවන්ට දඬුවම් කළ බවට පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් කිහිපදෙනෙකු අධිකරණය හමුවට පමුණුවීමටද පොලීසිය පියවර ගෙන තිබුණි.

මෙම සිදුවීමට විරෝධය පළකරමින් පාසලේ ගුරු මණ්ඩලය පසුගියදා පාසල ඉදිරිපිටදී විරෝධතාවක්ද පැවැත්වුවේ දරුවන් යහමඟට ගැනීමට දරන උත්සාහයේදී තමන්ට විඳින්නට සිදුවන අපහසුතා පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරවමිනි.

මෙලෙස පාසල් සිසුන් කිසිදු චකිතයකින් තොරව පාසල තුළදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම පසුගියදා තණමල්විල ප්‍රෙද්ශයේ පාසලක සිදුවූ ඛේදවාචකය බදු සිදුවීම් තවදුරටත් සිදුවීමට බලපාන කරුණක් නොවේද?

පොලීසිය අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය මර්දනය සඳහා දැවැන්ත මෙයෙුමක් ක්‍රියාවට නැංවීම සිදුනොකළහොත් මෙරට පාසල් පද්ධතිය ඉදිරියේදී තවතවත් බරපතළ ව්‍යාසනයකට මුහුණපානු නොඅනුමානයි.

 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT