Local

මෙවර අයවැය යෝජනාවන් හී ප්‍රධාන ඉලක්කය අපනයන අභිමුඛ ආර්ථීකයක් සඳහා විශාල දිරිගැන්වීමක් ලබාදීමයි - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

Saturday, 18 November 2023 - 5:48 pm

ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම සහ ඔවුන් මුහුණ දෙන ගැටළු විසඳා ගැනීමට මඟ පෙන්වීම උදෙසා ජාතික රූපවාහිනිය විසින් ආරම්භ කිරීමට නියමිත connect sri lanka වැඩසටහනට අදාළ යෝජනාවලිය සහ ව්‍යාපාරික ගිවිසුම හුවමාරු කර ගැනීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මෙරට රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නිරත විදේශීය දූත මණ්ඩල ද ඉලක්ක කර ගනිමින් නව සංකල්පයක් යටතේ මෙම වැඩසටහන සැලසුම් කොට ඇත.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර මෙහි යෝජනාවලිය හුවමාරු කරගත් අතර වැඩසටහනට සම්බන්ධ ව්‍යාපාරික ගිවිසුම රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද සමරසේකර මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා අතර හුවමාරු විය.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,

'ජාතික වශයෙන් ඉතාමත් වැදගත් වගකීමක් ඉටු කරන අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව හැඳින්විය හැකියි. රට ලබාගත් විදේශ ණය ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් නැහැ. ඊට ඇත්තේ ආර්ථික විසඳුමක් පමණයි.

මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් ඉදිරිපත් කල මෙවර අයවැය යෝජනාවන් හී ප්‍රධාන ඉලක්කයක් වන්නේ අපනයන අභිමුඛ ආර්ථීකයක් සඳහා විශාල දිරිගැන්වීමක් ලබා දීමයි. ඒ සඳහා සාම්ප්‍රදායිකව අප අනුගමනය කරන භාණ්ඩ විවිධාංගීකරණය, වෙළෙඳපොළ විවිධාංගීකරණය, නව්‍යකරණය ඇතුළු සාධක ගණනාවක් පවතිනවා. නමුත් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ ඔවුන්ට පවතින සැබෑ ගැටලු පාලකයන් සහ සැලසුම් කරුවන් විසින් හඳුනා නොගැනීම සහ ඔවුන්ට හඬක් නොමැති වීමයි.

මේ වන විට බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ ඉහලම තලයේ සිටින සාර්ථක අපනයනකරුවන් කිහිප දෙනෙකු වෙත පමණයි. ඊට පහතින් සිටින හඩක් නැගිය නොහැකි අපනයනකරුවන්ගේ ගැටළු වලට සවන් දීමට කිසිවෙකුත් නැහැ.

උදාහරණයක් වශයෙන් මෙරට ප්‍රධාන පෙළේ පාපැදි අපනයනකරුවන්ට මීට වසර කිහිපයකට පෙර යුරෝපා සංගමය මගින් තහනමක් පනවනු ලැබුවා. ඊට හේතු වූයේ ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් සමාගම් අනුගමනය කළ යම් යම් වැරදි ක්‍රියාමාර්ග යි. එම තහනමට එරෙහිව දේශීය කර්මාන්තකරුවන් විසින් යුරෝපා සංගමය සමඟ අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමු වී එම නඩුව ජයග්‍රහණය කරනු ලැබුවා. ඉන් අනතුරුව ඉහළ උසාවියේ දී ද එම තීන්දුවම හිමි වුණා.නමුත් තවමත් ඔවුන්ගේ ගැටළුවට නිසි විසඳුමක් හිමිවී නැහැ. මෙවැනි ගැටලු ජාතික මාධ්‍ය තුළ කතා බහට ලක් විය යුතුයි. ජාතික රූපවාහිනිය connect sri lanka වැඩසටහන ආරම්භ කරනු ලබන්නේ එවැනි හඬක් නැති අපනයන කරුවන්ට, මධ්‍යම පරිමාණ කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ට වගකිවයුතු නිලධාරීන් ඇතුළු අංශ සමඟ ප්‍රසිද්ධ කතිකාවතක් ඇති කිරීම සඳහායි.

ඒ සඳහා නිසි දැනුවත් කිරීමක් සිදු කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ ජනමාධ්‍ය අමාත්‍යාංශය සමග ඒකාබද්ධව කටයුතු කිරීම පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් අනුමත කරනු ලැබුවා. ඒ තුළින් සමාජය තුළ විශාල පිරිසකගේ අවධානයට මෙවැනි නව නිර්මාණකරුවන් යොමුවන අතරම සෑම අංශයක්ම දැනුවත් කිරීමේ හැකියාවද පවතිනවා. ගම් මට්ටමේ සිටින නව නිර්මාණකරුවන් ව්‍යවසායකයින්ද දායක කරගනිමින් රට ගොඩනැඟීම සඳහා දරණ ජාතික ප්‍රයත්නයෙහි දායකත්වය දරන සියලු දෙනා ඉටුකරන්නේ ජාතික යුතුකමක් සහ වගකීමක්.'

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, විදේශ කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ජාතික රූපවාහිනිය ඇතුළු ආයතනවල නිලධාරීන් ඇතුළු නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT