International

Exගෙන් පළිගන්න මෙන්න චාන්ස් එකක්

Wednesday, 24 January 2024 - 9:46 pm

අමෙරිකාවේ සත්වෝද්‍යානයකින් එළඹෙන වැලන්ටයින් දිනය වෙනුවෙන් කැරපොත්තෙකුව ඔබේ හිටපු පෙම්වතා හෝ පෙම්වතියගේ නමින් නම් කිරීමට ඉඩ ලබා දෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිනිසුන්ට ඔවුන්ගේ හිටපු පෙම්වතුන්ගෙන් පළිගැනීමට සහ ඔවුන්ගේ හැඟීම් අසාමාන්‍ය ලෙස ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීම අරමුණ බවයි එම සත්වෝද්‍යානය ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව අමෙරිකාවේ Bronx සත්වෝද්‍යානයේදී කැරපොත්තෙක් තම පැරණි පෙම්වතුන් ලෙස නම් කිරීමට ඩොලර් 15ක් අය කරන බව සඳහන්.

පසුව පැරණි පෙම්වතුන්ට මැඩගස්කරයේ කැරපොත්තෙකු ඔහුගේ හෝ ඇයගේ ගෞරවය පිණිස නම් කර ඇති බව ප්‍රකාශ කරමින් E – Mail එකක් ලැබෙන අතර කැරපොත්තාගේ වර්ණවත් ඡායාරූපයක්ද ලබා දීමට සත්වෝද්‍යානය කටයුතු කරනවා.

එමෙන්ම වැලන්ටයින් දිනයේදී පැරණි පෙම්වතුන්ට ලැබෙන ත්‍යාගයට තවත් ඩොලර් 20ක් එකතු කර කැරපොතු තේමාව ඇතුළත් මේස් වැනි අංග කිහිපයක් එකතු කළ හැකියි.

හිටපු පෙම්වතුන් ලෙසින් නම් කිරීමට වෙන් කර ඇති hissing කැරපොත්තන්, අඟල් හතරක් පමණ දිග, ලොව විශාලතම කැරපොත්තන් විශේෂයයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, සත්වෝද්‍යානය මෙසේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

”එළඹෙන වැලන්ටයින් දිනයේදී ඔබ රැවටූ කෙනාට කකුල් හයක ත්‍යාගයක් ලබාදෙන්න ඉක්මන් කරන්න.” යනුවෙන්.

වැලන්ටයින් දිනය වන විට එම ත්‍යාගය ඔහු වෙත ලැබීමට 2024 පෙබරවාරි 8 වන දිනට පෙර ඇණවුම් කළ යුතු වනවා. .

Bronx සත්වෝද්‍යානය මගින් Name-a-Roach වැඩසටහන ආරම්භ කර ඇත්තේ 2011 දීයි.

එහිදී තම නැන්දම්මාගේ නමින් වුවත් කරපොත්තෙකු නම් කිරීමට හැකියාව තිබෙනවා.

Bronx සත්වෝද්‍යානයේ වාර්තාවලට අනුව, පසුගිය වසරේ, වැලන්ටයින් දින වැඩසටහනේ කොටසක් ලෙස පුද්ගලයින් 3,246 දෙනෙකු කැරපොත්තන් තම හිටපු පෙම්වතුන් වෙනුවෙන් නම් කර තිබෙනවා.

Bronx සත්වෝද්‍යානයේ මෙම වැඩසටහනෙන් උපයන ආදායම ලොව පුරා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම අරමුණු කරගත් වනජීවී සංරක්ෂණ සංගමය වෙත සියලු ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT