Local

ජනාධිපති අපේක්ෂකයින්ගේ විවාදයට ප්‍රබලයින් සුදානම් , ජනපති රනිල් මඟ අරි

Tuesday, 03 September 2024 - 12:27 pm

ජනාධිපති අපේක්ෂක සජීව විවාදය පැවැත්වීම සඳහා වන සියලු කටයුතු සංවිධානය කොට ඇති බව මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය පවසනවා.
එම විවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සැප්තැම්බර් මස 07,08 සහ 09 යන තෙදින තුළ එම විවාදය පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.
මෙම විවාදයේ පළමු වටය එළැඹෙන 07 වනදා පවත්වනු ලබන්නේ ජනාධිපති අපේක්ෂකයින් සිව් දෙනෙකුගේ සහභාගී වන අතර මෙම විවාදයේ දෙවන හා තෙවන වට සඳහා අපේක්ෂකයෝ 12 දෙනෙකු පමණ සහභාගී වන බව දන්වා ඇති බව මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය පවසනවා.
විවාදයේ පළමු දිනය සඳහා ජනාධිපති අපේක්ෂකයන්ගේ වශයෙන් සජිත් ප්‍රේමදාස, නාමල් රාජක්ෂ, දිලිත් ජයවීර සහ පාක්කිය සෙල්වම් අරියනේත්තිරන් සහභාගී වන බව දැනුම් දී තිබෙනවා.
මේ අතර අනුර කුමාර දිසානායක මෙතෙක් සහභාගී වන බව දැනුම් දිමිට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවීමට නොහැකි බව දන්වා ඇති බව මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය වැඩිදුරටත් කියා සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT