Local

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) උතුරු පළාත් මහජන අදහස් විමසයි

Tuesday, 19 December 2023 - 6:33 pm

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් උතුරු පළාතේ යාපනයේ “ජාතික පළාත් මහජන අදහස් විමසීම”සාර්ථකව සිදු කර ඇත.
ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් තිරසර රාමුවක් සකස් කිරීම සඳහා අවබෝධය සහ නිර්දේශ රැස් කිරීමේ අරමුණින් මෙම අදහස් විමසීම සිදු කෙරෙන අතර යාපනය දිස්ත්‍රික්කයේ සිවිල් සමාජ සංවිධාන, ආගමික නායකයන්, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන්, බිම් මට්ටමේ ප්‍රජාවන්, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන් රැසක් සමඟ දෙසැම්බර් මස 10 සිට 12 දක්වා රැස්වීම් පවත්වමින් මෙම අදහස් විමසීමේ කටයුතු සිදු කරන ලදී.
තිරසර සාමය හා සංහිඳියාව ගොඩනැගීමට බාධාවක් වී ඇති ප්‍රජා අභියෝග සහ ප්‍රධාන ගැටළු පිළිබඳව පුළුල් ලෙස අදහස් ලබා ගැනීම මෙහිදී සිදු කෙරුණු අතර අනතුරුව අන්තර්වාර ලේකම් කාර්යාලයේ නිලධාරීන් යාපනය නාග විහාරයේ පූජ්‍ය ධම්මික හිමි, නල්ලෙයි ආදීන කුරුක්කල්, යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් බී. ඥානප්‍රගාසම් රදගුරුතුමන් ප්‍රමුඛ ආගමික නායකයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.
රටේ ජනවාර්ගික සහජීවනයේ වැදගත්කම අවධාරණය කරමින් ආගමික නායකයන් විසින් මහජනතාවගේ අපේක්ෂාවන්, අදහස් සහ අවශ්‍යතා පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය ආශිර්වාදය ද පිරිනැමිණි.

මේ අතර සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංශ මහතා විසින් අන්තර්වාර ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරකම් පිළිබඳ ආගමික නායකයින් ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කළ අතර, පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවීමට නියමිත සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා වන ස්වාධීන කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද අදහස් දැක්විය.

අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අංශයේ සහ නීති අංශයේ විධායක අෂ්විනි හපන්ගම, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ආචාර්ය යුවි තංගරාජා සහ අන්තර්වාර ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා හා ප්‍රතිපත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT