ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු ජාතික සංගමයේ සහය ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව එම සංගමයේ මහ ලේකම් සහ බදුල්ල දිස්ත්‍රික් පා.ම වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.
වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික් ඉගෙනුම් සභාවේ (10) දින පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමකදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා කියා සිටියේ ජාති භේදයකින් තොරව වතුකරයේ ජනතාව ඇතුළු රටේ ජනතාවට විශාල සේවයක් කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වතුකරයේ ජනතාවගේ සහය ලබාදෙන බවයි.
මෙම රැස්විමේදි අදහස් දැක් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ යටිතල පහසුකම් ඉහල නැංවිමට කටයුතු කරන බවත්, එම වතු කම්කරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමටත්, වතු කම්කරුවන්ට ඉඩම් අයිතිය ලබාදිමට කටයුතු කරන බවයි.
– රංජිත් රාජපක්ෂ