Local

වව්නියාව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා ටොම් ඊ.ජේ.සී අඹ පැළ 84,000ක් ලබා දීමේ ව්‍යාපෘතියක්

Friday, 24 November 2023 - 11:19 am

වව්නියාව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා ටොම් ඊ.ජේ.සී අඹ පැළ 84,000ක් ලබා දීමේ ව්‍යාපෘතියක් මේ වන විට එම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසිය.

මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි ජීවත් වන ජනතාවට ටොම් ඊ.ජේ.සී අඹ පැළ ලබා දීම සම්බන්ධයෙන් මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.

වව්නියාව දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 300ක් සඳහා එක් පවුලකට අඹ පැළ 280 බැගින් 84,000 බෙදා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතියි.මේ වන විටත් ගොවි පවුල් 207ක් සඳහා අඹ පැළ 47,424ක් ලබා දී තිබේ. තෝරා ගත් ගොවි පවුල් සඳහා සූඍ්ය බල ජල පොම්ප සහ භූමි තෙල් ජල පොම්ප ලබා දී තිබේ.

වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ, සෑම දිස්ත්‍රික්කයකම එකම භෝගය ව්‍යාප්ත කිරීම සුදුසු නොවන බවයි.

මෙම ගස අඹ ගසක් නෙමේ අඹ වැලක් විදියට තමයි වැවෙන්නේ. මෙම අඹ වර්ගය හුදෙකලා පළතුරක් විදියට සිටුවීමෙන් ප්‍රයෝජනයක් නැහැ. අක්කරයකට මෙම ගස් 560ක් වවන්න පුළුවන්. විදේශ වෙළෙඳ පළට යද්දි ලොකු ප්‍රමාණයක් ලෙස තමයි වවන්න ඕන. ගස් 7ක්,8ක් වවල ප්‍රයෝජනයක් නැහැ. බෑග් දාල එක් ක්‍රමවේදයකට තමයි මෙම ගස හදන්න ඕන. වී වගාව සඳහා අවශ්‍ය බණ්ඩි පොහොර සඳහා මුදල් නියමිත වෙලාවට ලබා දීමට කටයුතු කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

2023 යල කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ගොවීන් කැමති පරිදි යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. නියමිත වෙලාවට පෙර බණ්ඩි පොහොර සඳහා මුදල් ලබා දීමෙන් ගොවීන් එම මුදල වෙනත් පොහොර මිලදී ගැනීමට යොදා ගන්නා බවද හෙතෙම පෙන්වා දුන්නේය

පසුගිය වසරේ ඉතිහාසයේ වාර්තා ගත අස්වැන්නක් ලබා ගත හැකි වුණේ පොහොර වර්ග නිසියාකාරව යොදපු නිසා. බණ්ඩි පොහොර නැත්නම් අස්වැන්නක් නැහැ යනුවෙන්ද කීය.

 


Top Stories
wedivistara

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

wedivistara

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

wedivistara

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

wedivistara

ප්‍රදේශ කිහිපයකට තද වැසි

wedivistara

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

wedivistara

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

wedivistara

පොසොන් දින පණිවුඩ


NEWS ALERT