Local

නෞකා 26ක් මෙරට සමුද්‍රය දූෂණයට ලක්කර ඇති බවට අනාවරණයක්

Thursday, 17 October 2024 - 7:22 pm

පසුගිය වසරක කාලය තුළ නෞකා 26ක් විසින් ශ්‍රී ලංකා සාගර කලාපය දූෂණය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ප්‍රංශ රජය සමග එක්ව දියත් කළ නිරීක්ෂණ ව්‍යාපෘතියක දත්ත පදනම් කරගනිමින් එම අධිකාරිය මේ කරුණු හෙළිදරව් කළේය.

මෑත ඉතිහාසයේ මෙරට සාගර කලාපයට දැඩි හානි සිදුකළ නෞකා අනතුරු දෙකක් වන්නේ එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙකයි. 

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළතිරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් නිව් ඩයමන්ඩ් නෞකාව 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී අනතුරට ලක්වුණි.

එසේම, 2021 වසරේ මැයි මාසයේදී සිංගප්පූරුවේ ලියාපදිංචි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය අසල මුහුදේ ගිනිගෙන මුහුදුබත් වුණි.

මෙම නෞකා අනතුරු හේතුවෙන් ශ්‍රී ලංකාමේ සමුද්‍ර පරිසරයට දරුණු හා දීර්ඝ කාලීන හානියක් සිදුකර ඇති බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වුණි.

මෙවැනි සමුද්‍රීය පරිසරය දූෂණය කෙරෙන අනතුරු සිදුවූ වටපිටාවක ප්‍රංශ රජයේ ආධාර මත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ප්‍රංශ සමාගමක් එක්ව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගනිමින් සිදුකළ ඉන්ධන කාන්දුවීම් පිළිබඳ සොයා බැලීමේ නියමු ව්‍යාපෘතියක් සිදුකර තිබුණි.  

එහිදී ලබාගත් දත්තවලින් අනාවරණ වී ඇත්තේ පසුගිය වසරක කාලය තුළ මෙරට සාගර කලාපයට ඇතුළු වූ නෞකා 26ක් මෙරට සාගර කලාපය දූෂණය කර ඇති බවය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ව්‍යාපෘති කළමනාකරු, ඔලිවර් ජර්මේන්,

'අපි මේ වාර්තාව සියලු පාර්ශ්වකරුවන්ට ඉදිරිපත් කළාම ඔවුන් පුදුම වුණා. ඔවුන් ජාතික ජල පද්ධතිය මෙතරම් දූෂණය වෙලා කියලා අපේක්ෂා නොකරන්න ඇති. ගෙවුණු මාස 12 තුළ ජල දූෂණ අවස්ථා 115ක් නිරීක්ෂණය කළා. ඒකට අනුව අපි සලකා බලන ඕනෑම වෙලාවක ජල දූෂණය වීමේ අවස්ථා දැකගැනීමේ 50%ක අවස්ථාවක් පවතිනවා. අපි මෙහිදී සිදුව ඇති හානියේ පරිමාව ගණන් බැලුවා. ශ්‍රී ලංකාවේ ජල පද්ධතියට එක්වී ඇති දූෂක ප්‍රමාණය ලීටර් මිලියන 6කටත් වැඩියි. ඒකට අනුව සාමාන්‍යයක් ගත්විට සෑම මාසයකම ලීටර් 500,000ක දූෂක ජල පද්ධතියට එක්ව තිබෙනවා. ඔබට අදහසක් ගන්න කිව්වොත්. 2021 දී එක්ප්‍රෙස් පර්ල් අනතුරේදී ජලයට එකතු වී ඇත්තේ දූෂක ලීටර් 350,000ක් පමණයි. ඒ කියන්නේ, එක්ප්‍රෙස් පර්ල් අනතුරේදී ජලයට එක්වූ දූෂක ප්‍රමාණයට සමානව සෑම මාසයකම ජල පද්ධතියට දූෂක එක්වනවා. ඊට අමතරව අපි ජලදූෂකයින් ද හඳුනාගෙන තිබෙනවා. මෙහි සිදුවීම් 26කදි අපි එය ඔවුන් හඳුනාගත්තා. ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නත් කිව්වා. '


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT