Local

වැට් බදු ඉහළ ගියත් අලුතින් එකතු වූ භාණ්ඩවල මිල තවම වැඩි වී නැහැ

Thursday, 11 January 2024 - 5:33 pm

අලුතෙන් වැට් බද්දට ඇතුළත් වූ සහ 3%ක වැට් බදු අනුපාතය ඉහළ ගිය භාණ්ඩවල මිල මෙතෙක් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා

පාරිභෝගික සේවා අධිකාරිය මගින් සිදු කළ සමීක්ෂණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විපක්ෂය අපේක්ෂා කළ ආකාරයේ බරපතල තත්ත්වයක් තවමත් සිදු වී නොමැති බවයි.

අලුතෙන් වැට් බද්දට ඇතුළත් වූ පොල්තෙල්, පොල් කිරි, බිත්තර, දුඹුරු සීනි වැනි භාණ්ඩ සුළු මිල වෙනස් වීම පමණක් සිදු ව ඇති අතර වැට් බද්ද 3%කින් ඉහළ ගිය කිරිපිටි, සැමන් සහ අභ්‍යාස පොත් මිල ද නොවෙනස්ව පවතින බවයි අමාත්‍යවරයා පවසන්නේ .

මේ අතර ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් වැට් බද්ද ඉහළ නැංවීමට සමාජයට සිදු ව ඇති බලපෑම් සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT