මාලිමාව යනු ජනතා විමුක්ති පෙරමුණ කියන යක්ෂයාට අටවාගත්ත දේව මූණක් යැයි නව මග ජාතික ව්‍යාපාරයේ ලේකම් අනිල් ශාන්ත ප්‍රනාන්දු පවසයි.
මාලිමාව බලයට පැමිණිමට පෙරම ආගමික ප්රචණ්ඩත්වය, භාෂණය සහ ප්රකාශනය අයිතියට බාධා කරන බවද ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ බොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය,
“ජනතා විමුක්ති පෙරමුණට තනියම ඇවිල්ලා මේ රටේ බලයක් ගන්න බෑ. මේ රටේ ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ ගැන විශ්වාසයක් නෑ. මාලිමාව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන යක්ෂයාට අටවාගත්ත දේව මූණක්. ඔවුන් අපේ වීඩියෝපට පෙන්නලා අපි විසින් ආගමික ප්රචණඩත්වයක් මේ රටේ ඇති කරන්න කටයුතු කරනවා, රටේ ජනතාව කළඹනවා කියමින් අපට චෝදනා කරනවා. ඒ හේතු මත රටේ ක්‍රියාත්මක වන ICCPR නීතිය වයටතේ අපිට දඩුවම් කළ යුතුයි කියලා. එතුමා මේක අපරාධ පරීක්ෂණ දෙපාර්ගමේන්ගුවට පැමිණිලි කරනවා. නීතිය අනුව ක්‍රියාත්මක කරන්න කියලා අපි කියනවා. අපි ප්‍රකාශ කළේ අපිට හැගෙන දේවල්. නමුත් මාලිමාවේ නීතිඥයින් ප්‍රකාශ කරන්නේ කාටවත් එහිගෙන හිගෙන දේවල් ප්‍රකාශ කරන්න බෑ කියලා. ඇයි එහෙම අයිතියක් නැත්තේ. එයාලට එයාලගේ අදහස් දක්වන්න් මාධ්‍ය සාකච්ඡා තියන්න පුළූවන් නම් අපිට සාමාන්‍ය පුරවැසියන් විදියට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැද්ද.
18 වෙනිදා මේ රටේ බරපතල තත්ත්වයක් නිර්මාණය වෙනවා කියලා මාලිමාවේ නායකයෙක් ප්‍රකාශයක් කළා. මේ නිර්මාණය කරන්නේ ඔවුන්ගේ හිතළු. මේ රටේ ජනතාව බය කිරීමයි ඔවුන්ගේ අරමුණ. අපි ඉතා වගකීමෙන් කියනවා ඔවුන් මේ රටේ භාෂණයේ නිදහසට බලපෑම් කරන්නේ.
ලාල් කාන්ත මහත්තයා ප්‍රසිද්ධ වේදිකාවේදී කිව්වා පෞද්ගලික මාධ්‍ය නාලිකාවක මාධ්‍යවේදියකුට වෙන රටක් හොයාගෙන යන්න කියලා. මාධ්‍යවලට සෘජුවම සහ වක්‍රව තර්ජනය කරනවා. එහෙම ප්‍රසිද්ධියේ තර්ජනය කරන්න පුළුවන් ද. ඒ සදහා ඔවුන්ගෙන් කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වෙනවා බුදුදහමට දෙන රාජ්‍ය අනුගුහය ඉවත් කරනවා කියලා. ඒ ප්‍රාකශය වෙනුවෙන් ආනන්ද සාගර හාමුදුරුවෝ දිගිනි දිගටම කතා කරපු නිසා මාලිමාවෙන් ඒ හිමියන්ට එන්තරවාසියක් එවනවා මිලියන 120 ක වන්දියක් ඉල්ලලා. එහෙම කරන්නේ භික්ෂූනවහන්සේලාගේ කටවල් වහන්න.
විශ්‍රාමික යුධ හමුදා නිළධාරීන් ආයුධ රැස්කරනවා කියලා අපි කියන්නේ ඇයි. ඔවුන් ප්‍රසිද්ධ මාධ්‍යවල පවා කිව්වා අනිකුත්පාක්ෂිකයන්ට සහ මේ රටේ නිළධාරීන්ට පහරදෙනවා කියලා ප්‍රකාශ කළා. ඒකයි අපිට හැගෙන්නේ ඔවුන් මේ රටේ භීෂණයක් නිර්මාණය කරන්න හදනවා කියලා. පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕන නමුත් එදා අරගලය වෙලාවේ බැරි උනා කියලා මාලිමාවේ නායකයෙක් කියනවා. ඒත එදා කරනන් බැරි උනේ අපි නිසා. අපි කිවිවා ඒක වැරදියි කියලා. අපි නීත්‍යානුකූලව වැඩ කරේ. අපි මාලිමාවේ නීතීඥ මහත්තයලාට පෙන්වා දෙනන් කැමතියි මේවා නෙවේද නීති විරෝධී ප්‍රකාශ.
මාලිමාවේ නීතිඥයෝ අපිට කලින් මාලිමාවේ ප්‍රකාශ වලට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ඕන. අපේ ප්‍රකාශ වලට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන එක තේරුමක් නෑ. ජනතා විමුක්ති පෙරමුණ මේ රට තුළ ආගමික ප්රචණ්ඩත්වයක් ඇතිකරන්න හදනවා කියන එක ඉතාමත් පැහැදිලියි. අපි ඊට විරුද්ධව පැමිණිල්ලකුත් කරා. මාලිමාවේ ඇතැම් නායකයෝ කිව්වා බෝ ගහ වැඩක් නෑ ඒක ගලවන්න ඕන කියලා. සිංහල බෞද්ධ ජනතාව තුළ ආගමික ප්රචණ්ඩත්වයක් ඇති කරන මේ වගේ ප්‍රකාශ ICCPR නීතිය යටතේ වලංගු ද. ඒ නීතිය යටතේ ඉස්සෙල්ලාම දඩුවම් කරන්න ඕන අපට නෙවෙයි බෝගහ කපන්න ඕන කියලා ප්‍රකාශ කරපු අයට විරුද්ධවයි. ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා BBC ලෝක සේවයට පවා ඔවුන් කියලා තිබුණා. ඒ වගේ ප්‍රකාශ කළාම ලෝකයක් පිළිගත්ත එකම සිංහල බෞද්ධ රාජ්‍යයට අත්වෙන ඉරණම මොකක්ද. එවැනි ප්‍රකාශ වලින් අනෙකුත් ආගමික කණ්ඩායම් සමග සිංහල බෞද්ධ ජනතාව තුළ තිබෙන පැහැදීම නැති වෙලා යනවා. ලංකාවේ මේ රැළි ගහගෙන එන්නේ ඉතාම ප්‍රචණ්ඩකාරී කණ්ඩායමක්. ඔවුන්ගේ බොරු වලට අහුවෙන්න එපා. ඔවුන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අපිට හැගෙන දැනෙන දේවල් ප්‍රකාශ කිරීම වැරදියි ද.
එදා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙක් වුන ටොරින්ටන් තමයි මුලින්ම ලංකාවේ භික්ෂූන් වහන්සේලාව නිහඩ කරේ. ඔවුන් මේ රටේ දළදා පෙරහරක්වත් තියන්න ඉඩ දුන්නේ නෑ. මාලිමාව ඉතා හොඳින් මතක තබාගත යුතුයි එදා කුඩාපොල හිමියන්ගේ පරම්පරාව පුරන්නප්පුගේ පරම්පරාවේ උදවිය තවමත් මේ සිංහල රාජය තුළ ජීවත් වෙනවා කියන කාරණය. ඒ නිසා ආනන්ද සාගර හාමුදුරුවන්ට වන අසාධාරණයට විරුද්ධව මේ රටේ ස්වාමීන් වහන්සේලා පෙළගැසෙනවා කියන එක අපි හොඳාකාරවම දන්නවා. අනෙකුත් ආගම්වල නායකයින්ද මාලිමාවේ ආගමික විරෝධී ප්‍රතිපත්ති වලට විරුද්ධව එකතු වෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා.
අපිට කාත් එක්කවත් පෞද්ගලික අමනාපයක් නෑ. අපි විශ්වාස කරන්නේ මේ රට නිවැරදි දිශානතියකට යා යුතුයි කියලා පමණයි. රටේ සාමාන්‍ය පුරවැසියන් විදිහට අපිට ඒ අයිතිය තියෙනවා. මේ රටේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් හඬ නගන්න අපිට අයිතිය තියෙනවා. ඊට සමානව මේ රටේ හින්දු කතෝලික අනෙකුත් සෑම ආගමකම පැවැත්ම සහ අයිතිවාසිකම් වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් අපිට තියෙනවා. අපිට භාෂණයේ සහ ප්රකාශනය අයිතිය තියෙන්න ඕන අපේ මාතෘ භූමිය ඇතුලේ. මාලිමාව බලයට එන්න කලින් ආගමික ප්රචණ්ඩත්වය වපුරනවා, භාෂණය සහ ප්රකාශනය අයිතියට බාධා කරනවා. ඒ නිසා සියලූම ආගම්වල සියලූම ජාතීන්වල පිරිස් එකතු වෙලා ලබන විසි එක් වැනිදා බාලිමාව නැවත වතාවත් ගෙදර යවන්න කටයුතු කරමු.”