Local

උපයෝගිතා කොමිසමේ සභාපති පුටුවට චෝදනා ලත් ලංවිම නිලධාරියෙක්!

Tuesday, 03 September 2024 - 12:40 pm

පුරවැසි බලයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

විදුලිබල මණ්ඩලයේ මූල්‍ය වංචාවකට වරදකරු වූ නිලධාරියකු මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට ජනපතිවරයා ගෙන ඇති තීරණය ජනතා පරමාධිපත්‍යය සහ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් වන බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් ඊයේ (02දා) ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ විසින් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම නිලධාරියා මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා ලෙස පත්කර ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරණයට ප්‍රථම පුනකරි සහ ඔඩ්ඩමාවඩි ව්‍යාපෘතිවල බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කර ඒ සඳහා පත් කිරීමට යෝජිත සභාපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම, ජනපතිවරයාගේ සහ විෂයභාර ඇමැතිවරයාගේ අරමුණ වී ඇතැයි ද ‘පුරවැසි බලය’ සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. මහජන උපයෝගිතා කොමිසමේ වත්මන් සභාපතිවරයාගේ ධුර කාලය පසුගිය ජුනි 15 දායින් අවසන්වීමට නියමිතව තිබිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT