International

රිය අනතුරු නීති තද කිරීමට එරෙහිව ඉන්දියාවේ ට්‍රක් රථ රියැදුරෝ වැඩ වරති

Thursday, 11 January 2024 - 7:59 pm

හයිද්‍රබාද් නුවර ඉන්ධන හිඟය‍ හේතුවෙන් ආහාර බෙදාහරින්නකු අශ්වයෙක් යොදා ගනී

රිය අනතුරු සිදුකර පලා යන රියැදුරන්ට එරෙහිව ඉන්දීය රජය නව නීති සකස් කිරීමට එරෙහිව එරට ට්‍රක් රථ රියැදුරන් වැඩ වර්ජනයක නිරතවන බවත්, මේ තත්ත්වය මත රට පුරා ඉන්ධන, කිරි සහ එළවළු හිඟයක් උද්ගත වෙමින් පවතින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය රජය විසින් පනවනු ලැබූ නව නීතියට අනුව රිය අනතුරකින් පසු අදාළ රථයේ රියැදුරු ඒ පිළිබඳ ආසන්නතම පොලිස් ස්ථානයට හෝ මහේස්ත්‍රාත්වරයකුට දැනුම් දීමකින් තොරව පලා යෑමෙන් පසු එම අනතුරට ලක්වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූයේ නම් අදාළ රථයේ රියැදුරාට ලක්ෂ 7ක දඩ මුදලක් ගෙවීමට සිදුවන අතර, වසර 10ක සිර දඬුවමකට ද යටත් කෙරේ.

එරට ප්‍රාන්ත රැසක ට්‍රක් සහ ලොරි රථ රියැදුරන් ඉන්දීය රජයේ නව නීතියට එරෙහිව දින තුනක සිට වැඩ වර්ජනයක නිරතවන බවත්, නීතිය සංශෝධනය නොකරන්නේ නම් දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට යොමුවන බවට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

මේ වන වන විට මහාරාෂ්ට්‍ර, චටිස්ගා, බටහිර බෙංගාලය සහ පන්ජාබ ප්‍රාන්තවල ජනතාව ඉන්ධන, කිරි සහ එළවළු හිඟයෙන් දුෂ්කරතාවට පත්වී ඇතැයි වාර්තා වේ. මේ අතර හයිද්‍රබාද් නුවර ආහාර බෙදාහැරීමේ නිරත පුද්ගලයකු ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස අශ්වයකු පිට නැඟ සිය රැකියාවේ නිරතවන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වෙමින් තිබේ


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT