Local

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනයට සහ පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය

Tuesday, 11 February 2025 - 5:14 pm

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය යන දෙඅංශයෙන්ම යුතුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විවිධ ප්‍රයත්නයන් දරා ඇති නමුත්, ඒවා සාර්ථක වී නොමැති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එම කාර්යය සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව රාජ්‍ය ව්‍යවසායක් ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව ස්ථාපිත කර සුදුසු උපායමාර්ගික ආයෝජන හවුල්කරුවෙකු හඳුනා ගැනීම සඳහාත්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහාත් මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි සඳහන් වෙන්නේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනය කිරීම සහ එම පරිශ්‍රය තුළම ඉදිකිරීම, මෙහෙයුම් හා පැවරීම, (BOT) පදනම මත දිනකට බැරල් 100,000ක ධාරිතාවකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු මුල්‍ය සම්පාදක / ආයෝජකයින් හඳුනා ගැනීම සහ තෝරා ගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත්, සුදුසුකම් සපුරන ආයතන වෙතින් යෝජනා කැඳවීමටත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

 

news images

news images
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT