Local

ගෙදර සිටම බදු ගෙවන්න ක‍්‍රමයක් හදනවා..

Tuesday, 22 October 2024 - 10:08 am

බදු ගෙවන අයට ගෙදර සිටම බදු ගෙවිය හැකි ඩිජිටල් ක්‍රමයකට ‍රාජ්‍ය සේවය ගෙනයන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

උප්පැන්න සහතිකය, මරණ සහතිකය, ඉඩම් ඔප්පුවේ පිටපත, හැඳුනුම්පපත ආදිය ගැනීමට රස්තියාදු වෙන ක්‍රමය අවසන් කර ඩිජිටල්කරණයකට ශ්‍රී ලංකාවම ලක් කරන බව ඔහු කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ප‍්‍රචාරක රැළියක් හෝමාගමදී අමතමින් ඔහු මෙසේ පැවසුවේය.

‘අපිට සාම්ප්‍රදායික ලෙස ඉස්සරහාට යන්න බැහැ. බස් එකක ටිකට් එකක් ගන්න, පෝලිමේ ඉඳලා ටිකට් එකක් ගන්න, තැපැල් කන්තෝරුවේ පෝලිමේ ඉඳලා ෆැන්ෂන් එක ගන්න, උප්පැන්න සහතිකයක්, මරණ සහතිකයක් ගන්න රස්තියාදු වෙන ක්‍රමය, ඉඩම් ඔප්පුවේ කොපියක් ලබාගන්න, අයිඩන්ටියක් ලබාගන්න දැන් තිබෙන්නේ පැරණි ක්‍රම.

අපි මේවා කාර්යක්ෂමභාවයට ගේන්න ඕනෑ. බදු ගෙවන අයට ගෙදර සිට බදු ගෙවන්න, මේ සියල්ල ඩිජිටල් ක්‍රමයට ලක්කරනවා. ඒක ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්ය බවට පත්කරනවා.

ඒ ක්ෂේත්‍රයේ ලංකාවේ ඉන්න අත්දැකීම් සහිත, ඒ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතෙක්, විශාල වැටුපක් ලබන ඔහු සියල්ල අත්හැරලා ස්වේච්ඡාවෙන් ලංකාව ඩිජිටල්කරණය සඳහා මැදිහත්වීමට සූදානමින් ඉන්නවා. සතියක් දෙකක් ඇතුළත වැඩ බාර ගන්න ඔහු ලැහැස්තියි. ඩිජිටල්කරණය සඳහා අලුත් අමාත්‍යාංශයක් අපි ගොඩනඟනවා.

ඔහු ඒ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් අයි.සී.ටී. ආයතනයේ සභාපතිවරයා ලෙසත් පත්කරන්න අපි සැලසුම් කර තිබෙනවා. වසර තුන හතරක් යන විට ලංකාව කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බවට පරිවර්තනය කරනවා.

අපි ඔබට කියනනේ, ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, බලාපොරොත්තුව කිසිසේත්ම බිඳ වැටෙන්න ඉඩ නොදී ඉතා ශක්තිමත්ව මේ ගමන ඉදිරියට ගෙනයනවා.

සමහරු, මාසෙන් දෙකෙන් අපි වැටෙයි කියා බලාපොරාත්තුවෙන් ඉන්නවා. ජාතික ජන බලවේගය මේ රට හදලා මිසක් ඉන් මෙහා මේ ගමන නතර නොකරන බව ඔබ තේරුම් ගන්න’


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT