Local

අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියයි..- ආණ්ඩුකාර

Thursday, 17 October 2024 - 7:14 pm

ජාතික ජනබලවේගයේ අධ්‍යපන ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම රජයේ වගකීම බව. ඒ සදහා අයවැයෙන් සියයට හයක් එක් කිරීමට තමයි ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. අපේ අනාගතයට අවශ්‍යම පරපුර දරුවන්. දරුවන් පරිසරයට ඇලුම් කලොත් තමයි මනුස්සයන්ට ඇලුම් කරන්නේ. පරිසරයට ලෙන්ගුත උනොත් පරිසරය අපිට ආදරය කරනව යයි සබරගමුව පලාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය කීය.

ආණ්ඩුකාරවරිය මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ ඕමල්පේ වැවේවත්ත ප්‍රාතමික විද්‍යාලයේ ඕලු පුෂ්ප අභිමානී _2024 අධ්‍යාපන ප්‍රදර්ශණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙම ප්‍රදර්ශණය 16,17 සහ 18 යන දින තුනෙහි වැවැත්වේ.

මෙම අවස්ථාව සදහා ඕමල්පේ වැවේවත්ත විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයසිංහ මහතාගේ ආරාධනයෙන් ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුදර්ශණී කෝරලයේ මහත්මිය ඇතුලු බොහෝ පිරිසක් සහභාගී විය.

මෙම ප්‍රදර්ශණයේ 1 ශේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පරිසර විෂයට අදාල සියලු නිර්මාණ විශාල ප්‍රමාණයක් දැකබලා ගැනීමට සලස්වා තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරිය කියා සිටියේ,

පරිසර හිතකාමී දරුවන් බිහි කිරීමට මේ පාසල් අධ්‍යාපනික ප්‍රදර්ශණ ඉවහල් වෙනව. දරුවන් ජංගම දුරකතනයට ඉතා වේගයෙන් යොමු වන අවස්ථාවක දරුවන්ව ටිකක් හෝ ඒවායින් ඇත් කරල මේ වගේ නිර්මාණශීලී වැඩ වලට ලංකිරීම ඉතා හොද දෙයක්. දරුවන් කියන්නේ මිනිකැට මුතුකැට වගේ අපේ ඊලග අනාගතය භාරගැනීමට ඉන්න පරපුර.

අද දරුවා හෙට වැඩිහිටියා වෙනවා. එවැනි වැඩිහිටියන්ට පරිසර හිතකාමී රසවින්දනය කල හැකි චින්තන රටාවක් ලබාදෙමින් ඔවුන් පරිසරයට හැඩ ගසා අනාගතයට සූදානම් කිරීම තමයි අපේ වැඩිහිටි පරම්පරාවේ යුතුකම. ඒ අද ඕමල්පේ වැවේවත්ත විද්‍යාලයේ විදුහල්පතිතුමා හා ගුරු මණ්ඩලය දෙමාපියන් විශාල කැපවීමකින් තමයි මේ දේ කරන්නේ.

පසුගිය අවස්ථාවන්වලදී අපිට දක්නට ලැබුනා අපි පරිසරයට එරෙහිවෙලා අපි සෑහෙන්න දරුවන් වින්දා. නමුත් ඒක ටිකෙන් ටික අඩුකරගනිමින් පරිසර හිතකාමී ලෙස රට ලොඩනගමින් මේ ලෝකය ගොඩනගමින් ඒයට අනුගතවීම තමයි අපි අතින් සිදුවිය යුත්තේ.මේ සදහා පෙර සුදානමක් ලෙස මෙම පාසලේ අපේ විදුහල්පතිතුමා සමග පිරිස පැරණි දේවල් විශාල වශයෙන් එකතු කරමින් ඉතා හොද ගමනක් ගිහින් තියෙනව.දරුවන්ට එය ආදර්ශයක් කරල දීල තියෙනව. මෙවැනි විදුහල්පති වරුන් මේ වගේ පාසල් වලට වාසනාවක්.

මගේ කාල සීමාව තුල සබරගමුව පලාතේ පාසල් වැඩි දියුනුකිරීමට කටයුතු කරනවා මෙන්ම මෙවැනි දුෂ්කර පාසල් වැඩිදියුණු කිරීමට කටයතු කිරීමට මම එකගවෙනවා.

මෙම අවස්ථාවේදී පාසලේ පුස්තකාලයක් නොමැති වුවද ඒ සදහා අවශ්‍ය කියවීම් පොත් ඉකකා විශාල ප්‍රමාණයක් පුද්ගලික ව්‍යාපාරිකයකු විසින් පරිත්‍යාග කරන ලදී.

ආණ්ඩුකාරවරිය පැමිනීමට පෙර විදුහල්පතකි වරයාට දන්වා තිබුනේ තමා පිළිගැනීම සදහා දරුවන් වෙහෙසට පත්වන ආකාරයේ කිසිවක් නොකල යුතු බවයි.

ආණ්ඩුකාරවරිය පැමිණ ප්‍රදර්ශණය විවෘත කර තනා තිබූ වේදිකාවට ගමන් නොකර සාමාන්‍ය පුටුවක් ගෙන වේදිකාව ඉදිරිපිට අව්වේ ජනතාව සිටින ස්ථානයට යාබදව හිදගෙන සිට උත්සවයට එක්වීම විශේෂත්වයකි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT