Local

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ඉල්ලූ ධීවර පෙත්සමක් ඉවතට

Saturday, 10 February 2024 - 7:59 am

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිය වෘත්තියට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ධීවර ප්‍රජාව ඉදිරිපත් කළ පෙත්සමක් කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ (9) නිෂ්ප්‍රභ කළේය. කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමකින් තොරවම පෙත්සම ප්‍රතික්ෂේප කළේය.නෞකාව මුහුදුබත් වීමෙන් මෙරට පාරිසරික හා වෘත්තීය ක්ෂේත්‍රයට අමෙරිකානු ඩොලර් බිලියන 6.7ක හානියක් වූ බවට ඒ ගැන පත් කළ කමිටුව තක්සේරු කර තිබෙන බැවින් සිය වෘත්තියට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ධීවරයන් මේ නඩුකරය මඟින් කොළඹ වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය ඇතුළු සංවිධාන 18ක නියෝජිතයන් 70කට ආසන්න පිරිසක් පෙත්සම්කාර පර්ශ්වය නියෝජනය කළහ. වගඋත්තරකරුවන් ලෙස එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් EOS RO සමාගම සහ එහි දේශීය නියෝජිතයන් වන සී කොන්සෝටියම් ලංකා සමාගම, නැවේ කළමනාකාර සමාගම වන එක්ස්ප්‍රස් ෆීඩර්ස් පුද්ගලික සමාගම, නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව රැසක් නම් කර තිබේ.

වගඋත්තරකරුවන්ගේ කටයුතු හෝ නොසැලකිල්ල නිසා ධීවර ප්‍රජාවට සිදු වූ අලාභය වෙනුවෙන් ඩොලර් බිලියන 1.17ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා මේ සිවිල් නඩුකරය මගින් ගොනු කර තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණය හේතුවෙන් ධීවර පවුල් 20,000කගේ ජීවනෝපායට බලපෑම් එල්ල වූ බව ධීවරයන් සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත. මීට අමතරව, දැල් නිෂ්පාදකයෙන්ගේ සිට බෝට්ටු හිමිකරුවන් දක්වා අනුබද්ධ ධීවර කටයුතු මත යැපෙන තවත් බොහෝ දෙනකු විවිධ ආකාරයෙන්ට පීඩාවට පත්ව ඇති බව මේ පෙත්සමේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥ හිමාලි කුලරත්න මාධ්‍යයට පවසා සිටියාය.

එක්ස්ප්‍රස් පර්ල් අනතුර සම්බන්ධයෙන් මෙයට පෙර තවත් පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ පෙත්සම්ද වාණිජ මහාධිකරණය නිෂ්ප්‍රභ කරන ලදි. මේ සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ අපරාධ නඩුව කොළඹ මහාධිකරණය ඉදිරියේ විභාග වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT