Local

පොලොන්නරු දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු ඇර‍ඹේ

Wednesday, 27 March 2024 - 9:12 am

2024 ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ පොලොන්නරු දිස්ත්‍රික් මාර්ග සංවර්ධන කටයුතු මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ ආරාධනයෙන්, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.

ජනාධිපතිරයා විසින් මුදල් ඇමැති වශයෙන් ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දහසක මුල්‍ය ප්‍රතිපාදන 2024 අයවැය යටතේ වෙන් කරන ලද අතර, ඒ යටතේ ග්‍රාමීය මට්ටමින් සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා ඒ ඒ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් හරහා යෝජනා ගෙන ඇත. ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව දිඹුලාගල – කැකුළුවෙල කොස්ගහමුල සිට මල්දෙණිය ප්‍රධාන මාර්ගය කාපට් යොදා සංවර්ධනය අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර, මේ වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 46.50කි.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම,පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, ග්‍රාමීය මාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් බන්දුල රණවීර, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ සහ මහාමාර්ග අමාත්‍යාංශය, සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වී සිටියහ.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT