Local

රජයෙන් නොවන ගරු නාම ආවාට ගියාට බෑ

Saturday, 24 February 2024 - 10:03 am

නීත්‍ය­නු­කූල නොවන ආකා­ර­යට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ග­ල­යන් වෙත පිරි­නැ­මීම, එසේ ගෞරව නාම භ‍ාර ගැනීම හෝ භාවිත කිරී­මට එරෙ­හිව නීත්‍ය­නු­කූල පිය­වර ගන්නා ලෙස ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක අදාළ විෂය පිළි­බඳ කට­යුතු කරන රාජ්‍ය නිල­ධා­රීන්ට උප­දෙස් දී තිබේ.

එක් එක් නිශ්චිත නිර්ණ­ණා­යක පද­නම් කර­ග­නි­මින් විධි­මත් ක්‍රම­වේ­ද­ය­කට අනුව තෝරා­ගනු ලබන සුවි­ශේෂ ශ්‍රී ලාංකික පුර­වැ­සි­යන්ට ජනා­ධි­ප­ති­ව­රයා විසින් පිරි­න­මනු ලබන ජාතික සම්මාන හා ගෞරව නාම සඳහා යොදා­ගන්නා නාම­යන් භාවිත කර­මින් විවිධ පුද්ග­ල­යන් සහ රාජ්‍ය නොවන සංවි­ධාන මඟින් සම්මාන, සන්නස් පත්‍ර හා සහ­තික පිරි­න­මන අවස්ථා ජනා­ධි­පති කාර්යා­ලයේ නිරී­ක්ෂ­ණ­යට ලක්ව ඇත.

මෙවැනි ආකා­රයේ අසං­වි­ධිත සම්මාන ප්‍රදා­න­යන් හේතු­වෙන් මේ දක්වා ගෞරව ප්‍රණා­ම­යට පත් සුවි­ශේෂ ශ්‍රී ලාංකි­ක­යන්ට දැඩි අසා­ධා­ර­ණ­යක් හා අගෞ­ර­ව­යක් සිදු වන බව පෙන්වා දෙන ජනා­ධි­පති ලේක­ම්ව­රයා ජාතික සම්මාන සඳහා යොදා­ගනු ලබන එවැනි ගෞරව නාම වෙනත් පාර්ශ්ව විසින් වැරදි ආකා­ර­යට භාවිත කිරීම වහා නතර කළ යුතු අතර, එවැනි ක්‍රියා­ව­ලට එරෙ­හිව කඩි­න­මින් නීතිය ක්‍රියා­ත්මක කළ යුතු බවද අව­ධා­ර­ණය කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT