Local

බුදුන්ටත් භික්ෂුවටත් අපහාස කිරීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා

Monday, 01 April 2024 - 8:27 am

බෞද්ධ භික්ෂූන් වහන්සේලා උපයෝගි කර ගනිමින් බුදුන්ටත්, භික්ෂූන් වහන්සේටත් අපහාස කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළක් යම් යම් බාහිර බලවේගවලින් රට තුළ ක්‍රියාත්මක කරන බවත්, ඒ පිළිබඳව කළ පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මැති ඇමැතිවරුන් කඩිනම් අවධානය යොමු කර අවශ්‍ය පියවර ගැනීම අගය කරන බවත් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව පැවැසුවේ පොල්ගොල්ල සාලවන විහාරස්ථානයේදී පසුගිය 29 වැනිදා පැවති උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ මෙලෙස ද කීහ.

“බුද්ධ චරිතය හා සම්බන්ධ ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක තොරතුරු විකෘති කර උන්වහන්සේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ උපත ලැබූ බව කියන්නට සිවුරු ලාගත් ඇතැම් පුද්ගලයන් උත්සාහ කරනවා. මොවුන් මේ ආකාර ප්‍රකාශ කරන්නේ බාහිර පාර්ශ්වවල අවශ්‍යතා ඉටු කරන්නට ද යන සැකය මතු වෙනවා.

පසුගිය කාලයේ බෝධි සත්වයන් ඇතුළු නොයෙක් වෙස් ගත් පුද්ගලයන් බෞද්ධ ජනතාව නොමඟ වයමින් බෞද්ධ හර පද්ධතියට පහර ගැසීමට උත්සාහ කළා. එම පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීම පිළිබඳව ජනපති ප්‍රමුඛ රජයට ස්තූතිය පුද කරනවා.

යම් යම් බාහිර බලවේගය මෙරට බෞද්ධ ජනතාව හා භික්ෂූන් වහන්සේ අතර පවත්නා සම්බන්ධතාව බිඳ දැමීමට නොයෙක් ආකාරයේ කටයුතු සැලසුම් සහගතව ක්‍රියාත්මක කරනවා. ඒ සියල්ල අසාර්ථක වීම ඔස්සේ ඔවුන් දැන් භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කර ගනිමින් එය නව ක්‍රමවේදයකට ක්‍රියාත්මක කරමින් සිටිනවා. බෞද්ධ දර්ශනය විකෘති කිරීම සහ මහා සංඝරත්නය විවේචනය කිරීම එම වැඩපිළිවෙළේ එක් කොටසක්.

මෙරට සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව අතීතයේ පටන් සහෝදරත්වයෙන් ජීවත් වූණා. මේ සම්බන්ධතාව බිඳ දැමීමට විවිධ කුමන්ත්‍රණ කරන සුළු පිරිසක් සිටිනවා. මේවා පිළිබඳව සියලු ජනතාව අවධියෙන් සිටිය යුතුයි.”

මේ අවස්ථාවට පොල්ගොල්ල ශ්‍රී සාලවන විහාරයේ විහාරාධිපති යටිරාවන සීලානන්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT