Local

දේශබන්දු පොලිස් බලතළ අනිසි ලෙස පාවිච්චි කිරීම සොයා බලන කමිටුව අද රැස්වෙයි

Wednesday, 28 May 2025 - 7:00 am

දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බරපතළ අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කළ පරික්ෂණ කමිටුව, අද (28) පස්වරු 2.00ට යළි පාර්ලිමේන්තු සංකීර්ණයේදි රැස්වීමට නියමිත වේ.

මෙම කමිටුව පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා පළමු වරට කාරක සභාව හමුවේ පෙනී සිටි අතර ඒ මහතා වෙනුවෙන් නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා කරුණු දැක්වීම සිදුකළේය. එහිදි දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා තුනක් සහ ඉල්ලීම් දෙකක් පරීක්ෂණ කමිටුව නිෂ්ප්‍රභ කළේය. එම කරුණු දැක්වීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගි වූ අතිරේක සොලිසිටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ඒ සම්බන්ධයෙන් සිය විරෝධතාවය සටහන් කළහ.

සියලු කරුණු සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සියල්ල නිෂ්ප්‍රභ කරනු ලැබීය.

එමෙන්ම කමිටුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අද (28) පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට තීරණය කෙරිණ. ඒ අනුව අද කමිටුව රැස්වීම සිදුවේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම කමිටුව සමන්විත වේ.

මෙම කමිටුව පළමු වතාවට අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර ඉන් පසුව පරීක්ෂණ කමිටුව අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර කමිටුවේ සහාය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද පත් කිරීම සිදුවිය.

2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමඟ කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව සහ එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව ලබන 19 වැනිදා දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම පරීක්ෂණ කමිටුව හමුවට කැඳවා කරුණු විමසීමට කමිටුව තීරණය කර ඇත.

ස්වර්ණා විජේකෝන්


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT