Local

ශ්‍රවණාබාධිතයන් සඳහා සංඥා 325කින් යුත් මැතිවරණ ශබ්දකෝෂයක් සකස් කර තිබෙනවා

Wednesday, 31 January 2024 - 9:48 am

ආබාධිත ප්‍රජාවට ද මැතිවරණයකදී සම අවස්ථාවක් ලබා දීමේ අරමුණෙන් ශ්‍රවණාබාධිතයන් සඳහාම සංඥා 325 කින් යුත් මැතිවරණ ශබ්ද කෝෂයක් ඉදිරි මැතිවරණ සඳහා සකස් කර තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පූර්ණ ආබාධිත තැනැත්තන් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ වැඩසටහනට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා මෙසේද පැවසීය.

එසේම සංඥා භාෂාව පිළිබඳව දැනුමැති නිලධාරීන්ද ඉදිරි මැතිවරණවලදී ඡන්ද මධ්‍යස්ථානවල සේවයට යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

මැතිවරණයකදී අබාධිතභාවයක් බලපාන්නේ නැහැ. ආබාධිත මෙන්ම ආබාධිත නොවන සෑම පුද්ගලයෙකුගේම ඡන්දයට එක හා සමාන වටිනාකමක් තිබෙනවා.

මේ වැඩසටහන මඟින් අපිට අවශ්‍ය ආබාධිත ප්‍රජාව සඳහා ගැළපෙන ආකාරයට අපේ රටේ ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමයි. විශේෂයෙන්ම මෙහිදී දෘශ්‍යාබාධිත, ශ්‍රවණාබාධිත මෙන්ම චලන ආබාධිත පුද්ගලයන් සඳහා අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා.

අපිට අවශ්‍ය වුණා මැතිවරණ කොමිෂන් සභා සංකල්පයත් සමඟ මේ රටේ මැතිවරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යම් වෙනසක් ඇති කිරීමට. අපි මේ සඳහා උපායමාර්ගික සැලැස්මක් හැදුවා. එහිදී අප දුටුවා මේ රටේ ආබාධිත ප්‍රජාව මැතිවරණවලදී මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව. එම ගැටලුවට ලබා දුන් එක් විසඳුමක් විදියට ආබාධිත ප්‍රජාව සඳහා මේ හැඳුනුම්පත නිකුත් කිරීමද සලකන්න පුළුවන්. මේ රටේ ජීවත් වන ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් නිවැරැදි දත්ත පද්ධතියක් නොමැති වීම බරපතළ ගැටලුවක් වෙලා තිබෙනවා. මේ නිසා දෙදහස් විසිතුන, විසිහතර වසර සඳහා ඡන්ද නාමලේඛන පිරවීමේදී මේ අඩුපාඩුවත් හැකි අයුරින් සම්පූර්ණ කර ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන ඡන්ද නාමලේඛනය පිරවීමේ සිට අවසානයේදී ඡන්දය ප්‍රකාශ කිරීම දක්වාම විහිද යන ක්‍රියාවලියක් වෙනවා. මේ අනුව සාමාන්‍ය පුද්ගලයන් හා සමානවම සෑම අවස්ථාවක්ම ආබාධිත ප්‍රජාව වෙනුවෙන්ද ලබා දීම සිදු කෙරෙනවා. ඉදිරියට මේ හැඳුනුම්පත නිකුත් කිරීම සහ ඡන්ද මධ්‍යස්ථාන ආබාධිත පුද්ගලයන් වෙනුවෙන්ද සූදානම් කිරීම තුළින් මේ රටේ ජීවත් වන සියලුම ආබාධිත ප්‍රජාව තමන්ගේ ඡන්ද අයිතිය පාවිච්චි කිරීමට ඡන්ද මධ්‍යස්ථාන කරා යැවීම අපේ ප්‍රධානම අරමුණ වෙනවා.

මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදීත් අපිට විවිධ චෝදනා බලපෑම් එල්ල වුණා. ආබාධිත ප්‍රජාව වෙනුවෙන්ම පෙනී සිටිනවා කියන සමහර වීරයෝ ප්‍රභූවරුන් මේ වැඩේට විරුද්ධ වුණා. එවැනි සමහරු මගෙන් ඇහුවා ඔයාට කරන්න වෙන වැඩක් ඇත්තේම නැද්ද කියලා. එවැනි බලපෑම් මැද තමයි මේ වැඩසටහන සාර්ථකව අපිට එකමුතුව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

සමහරු චෝදනා කළා රජයේ මුදල් මේ වගේ වැඩකට ඇයි වියදම් කරන්නේ කියලා. මේ සඳහා රජයෙන් කිසිම මුදලක් වියදම් කරලා නැහැ. පැෆරල් සංවිධානය තමයි මේ සඳහා සම්පූර්ණයෙන්ම මුදල් වියදම් කරන්නේ

පැපරල් සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක සුජීව ගයානාත් මහතා –

මැතිවරණයෙන් මැතිවරණයට ඡන්දය පාවිච්චි කිරීම සඳහා ආබාධිත ප්‍රජාවට වෛද්‍ය නිර්දේශ ලබා ගැනීමේ ගැටලුවට විසඳුමක් ලැබීම මේ හැඳුනුම්පත ලබා දීම මඟින් සිදු වෙනවා. ඒ වගේම මේ හැඳුනුම්පත මාර්ගයෙන් ඡන්ද මධ්‍යස්ථානය භාර නිලධාරියා දැනගන්නවා තමන්ගේ මධ්‍යස්ථානය සඳහා කොපමණ ආබාධිත ප්‍රජාවක් සිටිනවා ද කියලා. එසේම ඔවුන්ට යම් ආත්ම අභිමානයක් මේ හැඳුනුම්පත මාර්ගයෙන් ලැබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජීවත් වෙන සියලුම ආබාධිත ප්‍රජාව සඳහා මෙම හැඳුනුම්පත නිකුත් කිරීමට ලැබීමත් විශේෂ කාරණයක් බව කිව යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක, කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් හරේන්ද්‍ර බණ්ඩාර රත්නායක, විශේෂඥ වෛද්‍ය පමිල අධිකාරි මහත්වරුද අදහස් දැක්වූහ.

වයඹ පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ අයෝමී වීරවර්ධන, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් අරුණ ප්‍රියංකර, කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රවණාබාධිත සංගමයේ සභාපති අජිත් රත්නායක, කුරුණෑගල දිස්ත්‍රික් දෘශ්‍යාබාධිත සංගමයේ සභාපතිනි සුනිලා රත්නායක මහත්ම මහත්මීන් ඇතුළු ආබාධිත ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයෝ රැසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT