Local

සුවඳ විලවුන් ,ස්මාර්ට් ඔරලෝසු හැඩයෙන් එන විද්‍යුත් දුම්වැටි අවධානම

Monday, 11 March 2024 - 2:58 pm

ශ්‍රී ලංකාව තුළ , විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා සීඝ්‍රයෙන් විද්‍යුත් දුම්වැටි ,උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි (11 )  උදෑසන  පැවසීය .

ඒ මහතා එසේ පැවසූවේ ගම්පහ සුරාබදු දෙපාර්තමේන්තුවේ , ජා – ඇළ  විශේෂ සුරාබදු  වැටලීම් ඒකකය මගින් සිදු කර තිබූ වැටලීමකින් පසුව , අත් අඩංගුවට ගත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා  විද්‍යුත් දුම්වැටි තොගයක් පරීක්ෂා කිරීමේ නිරත වෙමින් සිටියදීය .

මේ වනවිට කොළඹ , ගම්පහ , පානදුර වැනි ශ්‍රී ලංකාව අගනුවර කේන්ද්‍ර කර ගත් තදාසන්න ප්‍රදේශ වල මෙම විද්‍යුත් දුම්වැටි වයස අවුරුදු 40 ට අඩු පාසැල් සිසුන් ඇතුළු පිරිස අතර භාවිතා වන බව සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය .

එහෙත් මේ වනවිට ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දුරබැහැර ප්‍රදේශ කරා ද මෙම දුම්වැටි ව්‍යාප්ත වෙමින් පවතින බවට නිදසුනක් ලෙස රත්නපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසැලක සිසුවෙකු , මෙවැනි විද්‍යුත් දුම්වැටියක් තම පාසැල තුළට රැගෙන විත් ,එක් වාරයක් දුම්පානය කිරීම සදහා රුපියල් 20 ක් මුදලක් අය කර ගෙන ඇති බව දෙමාපියන් විසින් පාසැලට , පොලිසියට සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිළි කර තිබේ .

මෙම විද්‍යුත් දුම්වැටි දැනට මාර්ගගත ක්‍රමයට ( Online ) අලෙවි කිරීම සහ බෙදාහැරීම සිදු කෙරෙන අතර එම දුම්වැටි ස්මාර්ට් අත් ඔරලෝසු , පෙන් ඩ්‍රයිව් , විදුලි බල ගබඩා ( Power Bank ) , සුවද විළවුන් බෝතල් යන ආකාර වලින් නිෂ්පාදනය කර තිබෙන නිසා මෙය දුම්වැටියක් ලෙස හදුනා ගැනීමට අපහසු වී ඇති අතර , මෙම දුම්වැටි පාසැල් සිසුන් සහ තරුණයන් තම පරිගණකය අසළ , සුවද විළවුන් බෝතල් අසළ තැබීමට වග බලා ගෙන තිබේ .

එම දුම්වැටි තුළින් සම්ප්‍රදායික දුම්කොළ ගන්ධය නිකුත් නොවන අතර  ඇපල් , දොඩම් , අඹ , කෙසෙල් සහ චෙරි සුවද වැනි නිකුත් වීම නිසා මෙය දුම්වැටියක් ලෙස සිතා අවශ්‍ය පියවර ගැනීමට අපහසු වී තිබේ .

මෙම දුම්වැටියක් තුළ දුම් වාර 50,000 ක් හෝ 60,000 ක් පමණ  ඇති අතර , වෙළෙඳ පොළේ විකිණීමට ඇති දුම්වැටියක් ආකාරයට දැල් වීමෙන් පසු එය දැල් වී අවසන් වන තෙක් පානය කළ යුතු වුවද , මෙම දුම්වැටි තමන් කැමති ඕනෑම වේලාවක  පානය කිරීමට හැකි වීම විශේෂත්වයකි .

මෙම දුම්වැටි නැවත , නැවත විදුලිය ආරෝපණය කිරීම මගින් අවශ්‍ය වේලාවට දුම් පානය කිරීම සදහා යොදා ගත හැකි අතර මෙම දුම්වැටි කෘතිමව දුම් නිෂ්පාදනය කරන බැවින් සහ විෂ සහිත බවින් සහ දැඩි ලෙස ඇබ්බැහි වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන , උග්‍ර පිළිකා කාරක බව නිසාම  ලෝක සෞඛ්‍ය සංවිධානය සහ  ඇමෙරිකා එක්සත් ජනපදය තහනමට ලක් කර තිබේ .

දැනට මෙම විද්‍යුත් දුම්වැටි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ , කොළඹ වරාය සහ මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව තුළට පැමිණෙන බව ද සොයා ගෙන තිබේ .

මෙම විද්‍යුත් දුම්වැටි ක්ෂණිකව හදුනා ගැනීමට අධ්‍යාපන බලධාරීන් , පොලිසිය සහ සුරාබදු නිලධාරීන් නොහැකි වීම නිසා මෙම දුම්වැටි මර්දනය කිරීම ද අපහසු වී ඇති බව ද , සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය .

   


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT