Local

කුරුණෑගල දිස්ත‍්‍රික්කය නාමල් දිනන එක ෂුවර්..

Monday, 16 September 2024 - 9:28 pm

මෙවර කුරුණෑගල දිස්ත්‍රික්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ජය ගන්නා බව එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ හිරියාල් ප්‍රදේශයේදි පෙති ජන රැුලියක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද පැවසුවේය.

‘අනෙක් පක්ෂවල රැස්වීම් සඳහා ඈත දිස්ත්‍රික්කවලින් ජනතාව පැමිණෙනවා. නමුත් අපේ මේ රැස්වීමට පැමිණ තිබෙන්නේ මේ ආසනයේ ජනතාවයි. දිස්ත්‍රික්කයක් ලෙස අපිට විශ්වාසයක් තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන්න කුරුණෑගල ජනතාව සමත්වුණා. එදා පටන් ගන්නවිට වගේ නොවෙයි අද වනවිට අපි සාර්ථක ප්‍රගතියක් ලබා තිබෙනවා. තවත් රැස්වීම් අපිට තිබෙනවා.

මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කය ද පොහොට්ටුව දිනනවා. තව දින කිහිපයක් පමණයි තිබෙන්නේ. මහන්සි වෙලා වැඩ කරන්න. මේ පණිවුඩය ගෙනයන්න. මේ රට මෙහෙයවන්න පුළුවන් දක්ෂ නායකයෙක් ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් අපේක්ෂකයන් මේ රට විනාශයට පත්කළා. චීනයට දෙවැනි වූ ආර්ථික වර්ධනයක් අපි ලැබුනත් යහපාලන ආණ්ඩුව සමයේ එය ආපස්සට රැගෙන ගියා. ජාතික ආරක්ෂාව විනාශයට පත්වුණා.

අනුර කුමාර දිසානායක මහතා වසර 26 ක් පමණ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනවා. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව 160,000 ක් පමණ ඡන්දය ලබාදුන්නා. කෘෂිකර්ම ඇමැතිවරයා වුණත් බෝක්කුවක් හෝ හැදුවේ නැහැ. 71 වසරේ සිට රට විනාශ කළා. රටේ තරුණ පරම්පරාව කනත්තට දක්කාගෙන ගියා. ප්‍රභාකරන් ද එයම කළා. රට විනාශ කළා.

මේ අපේක්ෂකයන් තිදෙනාම රට විනාශ කළා. ඔවුන් අලුත් අය නොවෙයි. ඒ අය කතා කරන්නේ අලුත් අය වගෙයි. මේ රට විනාශ කළ ඒ අයයි. මේ රට නිර්මාණය කළේ, නිදහස ලබාදුන්නේ, වැඩිම සේවයක් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. මේ රටේ ආර්ථික වර්ධනය සියයට 7.3 ට ගෙනාවා. රට හදපු නායකයාගේ පුතා ඉතා හොඳින් ඇමැතිකම් කෙරුවා. අද නාමල් දැක්ම තුළින් තමන්ගේ වැඩපිළිවෙල ප්‍රසිද්ධ කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT