Local

මේක රටේ ඉතිහාසය අලුතින් ලියවෙන මොහොතක්! රට දිනවන වැඩපිළිවෙළේ සාක්ෂිකරුවන් නොවී කොටස්කරුවන්-පාර්ශ්වකරුවන් වෙන්න! කුරුණෑගල ඉතිහාසයේ දේශපාලන රැස්වීමකට ආ වැඩිම ජනකාය ඉදිරියේ සජිත්ගෙන් රටටම ආරාධනාවක්!

Saturday, 17 August 2024 - 10:02 am

අපේ රටේ ඉතිහාසය අලුතින් ලියැවෙන මොහොතේ මේ වැඩපිළිවෙළේ සාක්ෂිකරුවන් නොවී මේ වැඩපිළිවෙළේ කොටස් කරුවන් හා පාර්ශ්වකරුවන් බවට පත්ව රට දිනවන ගමනේ කොටස්කරුවන් බවට පත්වන ලෙසත් රට ශක්තිමත් කරන ගමනේ නායකයන් බවට පත්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ප්රායෝගික ප්රගතිශීලී විපක්ෂයක් ලෙස මේ කාලයේ ජනතාව වෙනුවෙන් කතා කර සටන් කළ.බවත් දූෂණය වංචාව තුරන් කිරීමේ අරමුණින් විශාල වැඩ කොටසක් ඉටු කළ බවත් කයිය නායකයෝ මෙන් වේදිකාවේ රගපෑම් නොකළ බවත් හිස් ෆයිල් පෙන්වා ජනතාව අන්දවන රංගනවල නිතර නොවු බවත් විපක්ෂයක් ලෙස රට බංකොලොත් කළ රාජපක්ෂවරු නීතිය හමුවට ගෙනවිත් රාජපක්ෂවරු කල විනාශයට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට වන තීන්දුව ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සම්පත් හොරා කා රටේ මුදල් හොරා කා රටට අහිමි කළ සම්පත් නැවත රටට ලබා ගැනීමට පෞද්ගලික මන්ත්රී කෙටුම්පතක් ඉදිරිපත් කලේ සමගි ජන බලවේගය බවත් මොනම හේතුවකටවත් තමාට හෝ පක්ෂයට හොරු සමග ඩීල් නොමැති බවත් හොරු රකින රැකවලා සමගවත් ඩීල් නොමැති බවත් මේ කට්ට කයිරාටික දේශපාලන සංස්කෘතියට නැවතිමේ තිත තබන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කුරුණෑගල සත්යවාදී ක්රීඩාංගනයේ පැවැති සමගි ජන බලවේගයේ විජයග්රාහී මංගල රැළිය අමතමිනි.

බාර් ලයිසන් එකට වයින් ස්ටෝර්ස් එකට වරප්රසාද වරදානවල මන්ත්රීවරුන් විකිණෙන යුගය අවසන් කරන බවත් විවිධ අය විවිධ පාර්ශ්වවලට යන බවත් සමගි ජන බලවේගයට පැමිණි කිසිදු මන්ත්රීවරයෙක් වරදාන වරප්රසාද වලින් තොරව ප්රතිපත්ති ගරුකව පමණක් ආ බවත් පක්ෂයේ මුදල් වෙන කරන්නේ සක්වල හා හුස්ම වැඩසටහනට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පනින අයට පනින්න දෙන ලෙසත් සැප්තැම්බර් 21 දා ජනාධිපති තෝරන්නේ අනුප්රාප්තිකව නොව ජනතාවගේ ජන්දයෙන් බවත් පොදුජන ජනාධිපති වරයකු පත්වන බවත් සමගි ජන බලවේගය කියන දේ කරන කරන දේ කියන පක්ෂයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කාලයේ ජාතිවාදය ආගම්වාදය වෛරය කෝපය කේන්ද්රීයව අවි අමොරා ගත් දේශපාලන නායකයන් බිහි වුවත් ඒ වෛරය මැදින් සමගියේ බීජය පැල කර සමගි ජන බලවේගය බිහි කළ බවත් බෙදා වෙන් කරන පිළිකාව වෙනුවට ආදරය කරුණාව සංවේදී භාවය ඇති රාජ්ය පාලනයක් අවශ්ය බවත් තුවාල ලත් දේශය සුවපත් කරන්න තමා සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වෛරය වපුරපු අයට ජනතාව පිළිකුල් කරන බවත් ජාතිිවාදය ආගම්වාදය බැහැර කර ශ්රී ලාංකිකත්වය රජ කරන යුගය බිහි කරන බවත් සමගි ජන බලවේගයට ඇත්තේ ජනතාව සමග ගිවිසුම පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ජනාධිපතිවරයාට රටේ සාමාන්යකරණයක් තිබුණත් රටෙ ඇත්තේ නව සාමාන්යකරණයක් බවත් ජනාධිපති ලෝක සවාරි යමින් සුරසැප විදින බවත් රටේ පාලකයා යනු තාවකාලික බාරකරුවන් මිස අයිතිකාරයෝ නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තවද රටේ ගැටලු අන්තවාදී සමාජවාදී වැඩපිළිවෙළට විසඳිය නොහැකි බවත් දුෂණය වංචාව හොරකම තුරන් කර හොරු හොරා කැ සම්පත් නැවත රටට ලබා ගන්නා ගමනකට ශක්තිය ලබා දෙන ලෙසත් හොර බෙහෙත් වංචාව ක්රියාත්මක වූ අවස්ථාවේ පවා සමගි ජන බලවේගය විශ්වාසභංගය පවා ගෙන ආ බවත් එම ඖෂධ වංචාවට සම්බන්ධ අයට නැවත රට බාර නොදෙන ලෙසත් නිවැරදි තින්දුව ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

පොල් පැළ ලක්ෂ 04ක් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීමට තීරණයක්

wedivistara

සැකකරු අත්අඩංගුවට ගත්තාද නැද්ද කියන එක මේ වැඩ වර්ජනයට අදාළ නෑ - GMOA

wedivistara

හමුදාවෙන් පළාගිය පුද්ගලයින් 875 ක් අත්අඩංගුවට

wedivistara

අනුරාධපුර රෝහ​ලේ වෛද්‍යවරිය දූෂණය ක​ළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 05 ක් යොදවයි

wedivistara

මම ඔබේ හතුරෙක් නෙවෙයි, මිතුරෙක් - දිලිත්

wedivistara

අපේ ප්‍රතිපත්තිය පාසල් 10,000ට කෝටිපතියෝ 10,000ක් හොයන එක නෙවෙයි - කෞෂල්‍යා ආරියරත්න

Trending
wedivistara

අපේ වගේ නෙමෙයි, Al Jazeera පැය දෙකක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ හොද කරුණු නෑ. - රනිල් මාධ්‍යයට කියයි

wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

දේශබන්දු පිළිබඳ තොරතුරක් ඇතොත් CID වෙත දැනුම්දෙන්​න - පොලීසිය

wedivistara

වසර හතකට පසු කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනීමට පියවර


NEWS ALERT