Local

කැනඩා සය පුද්ගල ඝාතනයේ සැකකරු යළි රිමාන්ඩ්

Friday, 15 March 2024 - 4:00 pm

කැනඩාවේ, ඔටාවා හී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා තිබෙනවා.

එහිදී ඔටාවා හි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින සැකකාර 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවා දුරකථනය ඔස්සේ අධිකරණය හමුවේ සිදුත​ළ නඩු විභාගය විනාඩි 4 කට සීමාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නඩු විභාගය අතරතුර ඔහුගේ නම සහ උපන්දිනය කෙඳිරි හඬින් පවසා ඇති අතර විශෝධන නිලධාරීයා එය පැහැදිළිව ඇසෙන ලෙස උස් හඬින් ප්‍රකාශ කරන ලෙස දැනුම්දී තිබෙනවා.

නඩු විභාගයේදී මියගිය ශ්‍රී ලාංකික පවුලේ අයගේ නම්වල දෝ​ෂ නිවැරදි කර ඇති අතර චෝදනාවලද කිසිඳු වෙනසක් සිදු නොවූ බවද කැනඩා මාධ්‍ය වාර්තා කර තිබුණා.

සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර නඩු විභාගය එළඹෙන 28 වනදා යළි කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරන්නේ.


Top Stories
wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT