ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු නායක දසුන් ශානකට දඩ නියම කර තිබෙනවා.
ඒ අනුව ඔහුට අමෙරිකානු ඩොලර් 10,000 ක දඩයක් නියම කර ඇති බවයි ක්‍රිකට් මූලාශ්‍ර සඳහන් කරන්නේ.
පෙබරවාරි 02 වැනිදා පැවති දේශීය තරගයකදී තුවාල ලබා තිබියදීත්, විදේශීය ලීග් තරගයකට ක්‍රීඩා කිරීමෙන් ගිවිසුම්ගත බැඳීම් කඩකිරීම සම්බන්ධයෙන් මෙම දඬුවම නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.