Local

අනු රෝහලේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ගැන විමර්ශනයට කමිටුවක්

Sunday, 16 March 2025 - 7:40 am

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කර ඇත.

එම කමිටුවේ සභාපති ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා පත් කර ඇති අතර, සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ (පාලන) ඩබ්.යු.කේ.කෘෘස් මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන නිලධාරී ඕ.බී.ජේ ද සිල්වා මහතා පත් කර තිබේ.

මාර්තු 10 වැනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර ඇති නිරීක්ෂණයන්ට අනුව එම රෝහලේ සැලකිය යුතු පරිපාලන ඌනතා පසුගිය වසර කිහිපයක් පුරා හඳුනා ගැනීමට ලැබී ඇති බවත්, එමෙන් ම රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂාව සහ පහසුකම් සැපයීම, රෝහලෙහි ස්ථාවර හා ජංගම වත්කම් සම්බන්ධව නිසි කළමනාකරණයක් දක්නට නොමැති වීම ආදී හේතු නිසා මෙම තත්ත්වයන් උද්ගත වී ඇති බවට වාර්තා වන බැවින් මේ සම්බන්ධව විමර්ශනයක් කර වාර්තාවක් සැපයීම සඳහා ඉහත කමිටුව පත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අදාළ කමිටුව පත්කිරීම සම්බන්ධ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කර ඒ සම්බන්ධයෙන් වන සවිස්තර වාර්තාවක් කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශයන් ද ඇතුළත් ව 2025 මාර්තු 24 දිනට පෙර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද අදාළ ලිපිය මගින් විමර්ශන කමිටුවට වැඩිදුරටත් දැනුම් දී ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT