Local

අපි හොරු අල්ලන්නේ උසාවියෙන් ඇප නොලැබෙන ලෙසයි…

Tuesday, 29 October 2024 - 9:50 am

ජාතික ජන බලවේග ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ දූෂිතයන්ට අධිකරණයෙන් ඇප ගැනීමට හැකි වන ආකාරයට නොවන බවත්, ඒ සඳහා මන්ත්‍රී ආසන 125කින් යුතු ශක්තිමත් ආණ්ඩුවක් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක, කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මල්වානේ බැසිල්ගෙ ඉඩම සහ යෝෂිත රාජපක්ෂගේ මැණික් මල්ල සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ ලෙසම ජොන්ස්ටන්ගේ BMW මෝටර් රථය පිළිබඳවත් අධිකරණයේදී අසත්‍ය ප්‍රකාශ සිදු කළ හැකි නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ එම දූෂිතයන්ට අධිකරණයේ ඇප දීමට නොවේ. ඇලෝසියස්ගෙන් මුදල් ගත් සියලුම දෙනා සජබ, පොහොට්ටුව සහ රනිල් ඇතුළු පක්ෂ තුනේම සිටිනවා. ඔවුන් සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කරනවා.

ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට කතිරේ ගැසීමෙන් පාර්ලිමේන්තුවේ අසූ දෙනකු පමණ ගෙදර යැවීම සිදු වුණා. රටට හා ජනතාවට පවතින ප්‍රශ්න විසඳීමට මෙවර පාර්ලිමේන්තුවට එකසිය විසි පහක ආසන සංඛ්‍යාවක් සහිත ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත්කළ යුතුයි. ජාතික සම්පත් විකිණීම වෙනුවට රටේ ප්‍රශ්න නිර්මාණය කරන පක්ෂ මාරු කිරීමේ අවලංගු කිරීමේ පනත, ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් සහ වරදාන වරප්‍රසාද දෙන පනත් සංශෝධනය ඇතුළු පනත් රාශියක් ගෙන ඒමට ජාතික ජන බලවේගය ආණ්ඩුව කටයුතු කරනවා.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT