Local

කන්දකාඩුවේ ගැටුම් ඇති කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කුඩු සමඟ හසුවූ විට ජාවාරම්කරුවනුත් ඇතුළට දානවා

Friday, 26 January 2024 - 7:26 am

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ගැටුම් ඇති කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ‘දිනමිණට’ ඊයේ (25) පැවසීය.

මේ නිසා මධ්‍යස්ථානයට ඇතුළත්ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබෙන බවත් හෙතෙම කීවේය.
පෙරේදා (24) රාත්‍රියේ ඇති වූ ගැටුමට මුල් වී ඇත්තේ ද එහි රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් බවට හෙළි වූ බව කී ඒ මහතා, මේ නිසා එහි සිටින ජාවාරම්කරුවන් හඳුනාගෙන ඔවුන් නැවත අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු වෙනත් ස්ථානවලට යොමු කිරීමට කටයුතු කරන බව ද පැවසුවේය.

මෙම මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය වන අතර, ඇතැම් අවස්ථාවලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද මත්ද්‍රව්‍ය සමඟ හසුවූ විට මෙම කඳවුරට යොමු කෙරෙන බවත් මේ වන විට එම ජාවාරම්කරුවන් හඳුනා ගනිමින් සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පත් කළ පංච පුද්ගල කමිටු නිර්දේශ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවත් මේ වන විටත් එහි කළමනාකාරිත්වය වෙනස් කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවත් දර්ශන හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT