Local

රටේම ණය ගෙවන්න හැකි ධනයක් ඇති නිධානයක් උසාවි නියෝගයකින් හාරයි..

Friday, 22 November 2024 - 8:24 pm

වේයන්ගොඩ වඳුරුව ප්‍රදේශයේ ඇති බවට ජනප්‍රවාදයේ සඳහන් නිධානයක් ගොඩ සොයා මේ වනවිට කැනීම් කටයුතු සිදු කරමින් ඇත.

ඒ අධිකරණ නියෝගයක් මතයි.

අධිවේගී මාර්ගය ඉදිකිරීම් සිදුකරමින් ඇති ආසන්න ස්ථානයක මෙම කැණීම් කටයුතු ආරම්භ කර ඇත.

අදාල නිධානය ගොඩ ගැනීම උත්සාහ කරන ලද සැකකරුවන් පිරිසක් වේයන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙහි නිධානයක් ඇති බවට පවසමින් බොහෝ අවස්ථාවල එය ගොඩ ගැනීම් උත්සාහයන් රැසක් වාර්තා වීම් මත අත්තනගල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි එහි නිධානයක් තිබේදැයි සොයා බැලීමට මෙම කැණීම් ද ආරම්භ කර තිබේ.

මෙම කැණීම් කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රජයේ රස පරීක්ෂක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසකම නිලධාරින් පිරිසක් එක්ව සිටී.

රටේම ණය වුවත් ගෙවා දැමිය හැකි තරම් ධනයක් මෙම නිධානයේ ඇති බවට ජනප‍්‍රවාදයේ ඇතැයි ප‍්‍රදේශවාසීන් පවසති.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT