Local

කිරිපිටි ආනයනයට පසුගිය වසරේ බිලියන 38ක් වැය කරලා -රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත්

Wednesday, 10 January 2024 - 2:06 pm

රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ සහ හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් නාවලපිටිය දියර කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාව නීරීක්ෂණය කරන අයුරු

කිරිපිටි ආනයනය සඳහා අපේ රට පසුගිය වසරේදී පමණක් රුපියල් බිලියන 38ක් පමණ වැය කර ඇතැයි පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ප්‍රංශ රජයේ ආධාර ඇතිව නාවලපිටියේ ඉදි කළ මධ්‍ය ප්‍රමාණයේ දියර කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මේ කර්මාන්ත ශාලාවට අවශ්‍ය කිරි සැකසුම් යන්ත්‍රෝපකරණ ආනයනය කිරීම සහ දේශීය කාර්මිකයන් පුහුණු කිරීමට රුපියල් මිලියන 850ක ආධාර ප්‍රංශ රජයෙන් දුන් අතර, ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම් සඳහා නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය රුපියල් මිලියන 60ක් වැය කරන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ලෝකයේ ප්‍රධාන කිරිපිටි නිෂ්පාදනය කරන රටවල් නිපදවන දියර කිරිවල ඇති ප්‍රෝටීන සහ මේදය ඉවත් කර එමගින් ඔවුන් මිල වැඩි වෙනත් නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙනවා. ඉතිරි සුදු පාට වතුර ටිකට කෘත්‍රිමව මේදය සහ සත්ත්ව තෙල් අඩංගු කර පිටි කිරි කර සිමෙන්ති කොට්ට ප්‍රමාණයේ බෑග්වල දමා ලංකාවට එවනවා. අප රටේ බහුජාතික සමාගම් මගින් ඒවා කුඩා ඇසුරුම්වලට දමා විවිධ වෙළෙඳ උපක්‍රම භාවිත කරමින් දරුවන් ඇතුළු ජනතාවට වස විස සහිතව භාවිතයට යොමු කරනවා. මේ වස විස සහිත කිරිපිටි රටට ආනයනය කරන්න පසුගිය අවුරුද්දේ පමණක් රුපියල් බිලියන 38ක් පමණ වැය කර තියෙනවා. අපි ගොවියන්ට දෙන පොහොර ටිකටවත් වසරකට මෙච්චර මුදලක් වැය කරන්නේ නෑ. අපේක්ෂා රෝහලට සහ මෙරට ප්‍රධාන රෝහල්වලට ගිහින් බැලුවොත් මම කියන කතාවේ සත්‍යතාව ඔබට වටහා ගන්න හැකි වේවි. මේ තත්ත්වය තේරුම් ගත් අපේ රජය දියර කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ඔබට දීමට මධ්‍ය පරිමාණ දියර කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා හයක් ප්‍රංශ රජයේ ආධාර ඇතිව ආරම්භ කිරීමට පියවර ගත්තා. වැඩ අවසන් කළ දෙවන කර්මාන්ත ශාලාව නාවලපිටිය ජනතාවට අද දෙනවා. මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසු සිය නිෂ්පාදන නාවලපිටිය ඇතුළු මධ්‍යම පළාතටත්, සෙසු අනෙකුත් ප්‍රදේශවලටත් බෙදා හැරෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. අපි මේ පළාතේ කිරි ගොවි මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ නිෂ්පාදන මේ කර්මාන්ත ශාලාවට දෙන ලෙසයි. එමඟින් ඔබගේ නිෂ්පාදනවලටත් හොඳ ආර්ථික වටිනාකමක් ලැබේවි. මේ වැඩසටහනේ ඉතිරි කර්මාන්ත ශාලා හතරත් හැකි ඉක්මනින් නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමඟින් වස විස නැති, පෝෂණ තත්ත්වයෙන් උසස් දියර කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ඔබගේ දරුවන්ට මෙන්ම ඔබට ද පරිභෝජනය කළ හැකියි.”

මේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, හිටපු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු මධ්‍යම පළාත් මහ ඇමැති, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගොවි මහත්වරු සහභාගි වූහ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT