Local

අරගලයට ගහන්න අරලිය මැදුරේ සංවිධානය කල හැටි ප‍්‍රසන්න කියයි..

Tuesday, 20 August 2024 - 9:27 pm

රට ගොඩදාපු නායකයාට විරුද්ධ වීමට පොහොට්ටුවට සදාචාරත්මක අයිතියක් නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ පොහොට්ටුව ඇතුළු සියළුම දේශපාලන පක්ෂවලට නැවත රට තුළ දේශපාලනය කිරීමට හැකි වතාවරණයක් සැකසුවේ වත්මන් ජනාධිපතිවරයා බවයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ කුරුණෑලගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසනයේ ජනාධිපතිවරණ ඒකාබද්ධ කමිටු පිහිටුවීමේ සාකච්ඡාවට එක්වෙමිණි.

එම සාකච්ඡාව නිකවැරටිය මහසෙන් ප්‍රවාහන සමුපකාර සමිති සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය,

“මෙතැනට පැමිණි සියළු දෙනාම රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්න පැමිණි අයයි. හැමෝම අහනවා මම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වේදිකාවට නැග්ගම ඔබතුමා නියෝජනය කරන්නේ කුමන පක්ෂයේද කියලා. අපි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙයි. අපි ඒ පක්ෂයෙන් අයින් වෙලා නෑ. මේ මැතිවරණය රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති කරමු යන ස්ථාවරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් ඉන්නවා. සමහරු අහනවා පක්ෂයෙන් ඉවත් කළොත් මොකක්ද කරන්නේ කියලා. ඒ සම්බන්ධව අපි වැඩපිළිවෙලක් නිර්මාණය කර අවසන්. ඒ වෙනුවෙන් අපි සන්ධානයක් හා වෙනම පක්ෂයකුත් නිර්මාණය කර අවසන්.

2015 දී මහින්ද මහත්තයා පැරදුනාම අපේ පක්ෂයේ තනතුරුලාභීන් මහින්ද මහත්තයා අතහැරලා ගියා. ඒ වේලාවේ එකම ධූරධාරියා ලෙස මම මහින්ද සුළඟ අරගෙන රට වටේ ගියා. එතුමා යුද්ධය අවසන් කළ නිසා යුතුකම් ඉටු කරන්න ඕනි නිසා අපි ඒ දේ කළා. අපි හැමදාම වැරදුන තැන් තිබුණා. අපි විපක්ෂයේ ඉන්නකොට සියළු දෙනා එකට එකතු වී කටයුතු කළා. බලයට ආවම ඒ දේ නැති වෙනවා. මහින්ද මහත්තයා බලයට ගේන්න පොහොට්ටුව හදන්න මම රට වටේ ගිය කෙනෙක්. 2019 ජනාධිපතිවරයට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ගේන්න එපා කියපු කෙනෙක් මම. එතුමා තරඟ කරන්න බැහැයි කියද්දිත් පවුලේ සියළු දෙනා එකතු වෙලා කතා කරා ගෝඨාභය මහත්තයා දාමු කියලා. ඒ වෙලාවෙත් අපි ඒකට එකඟ වුණා. අපි එතුමාව ජයග්‍රහණය කරා ගෙන ගියා. ඉන්පසු අපි පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කළා. අපි බලය පිහිටුවලා කටයුතු කරන්න පුළුවන් වුණේ අවුරුදු දෙකයි.

අපේ නායකයෝ අපිව දාලා ගියා. 2019 දී ජනාධිපති වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති වුණේ මහින්ද රාජපක්ෂ මහතා, මුදල් ඇමති වුණේ බැසිල් රාජපක්ෂ මහතා, චමල් මහත්තයයි නාමල් මහත්තයයි දෙන්නම ඒ කැබිනට් එකේ හිටියා. මමත් හිටියා. පොහොර ප්‍රශ්නය එනකොට ඒකට අපි කතා කරනකොට අපේ මතයට ගරු කළේ නෑ. ඒ අයගේ මතයට වැඩ කළා. අපි පොහොට්ටුව නියෝජනය කරන්නේ සඟ, වෙඳ, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය එක්කයි. අපිට ගොවීන්, ගුරුවරු, කම්කරුවෝ ටික නැති වුණා.

මිනිස්සු අපිට බලය දුන්නට අපේ නායකයෝ අපිව රැකගත්තද කියලා ගැටළුවක් තියෙනවා. අපි 2022 මැයි 09 වැනිදා පෙර දින පොහොට්ටුවේ ප්‍රබලයින් කීප දෙනෙක් එක්ව අපේ පාක්ෂිකයින්ට අරලියගහ මන්දිරයට එන්න කිව්වා. පීඩනයට පත්ව ඉන්න මිනිස්සු තවත් පීඩාවට පත් නොකර ඔය දේ කරන්න එපා කියලා මම විරුද්ධ වුණා. උදේ පාන්දර මම මහින්ද මහත්තයා ළඟට ගිහින් කිව්වා ඔය දේ කරන්න එපා කියලා. එදා කළේ අනවශ්‍ය වැඩක්. එදා මොකද වුණේ අපේ පාක්ෂිකයෝ ගුටි කෑවා. ලැජ්වාට පත්වුණා. ගෙවල් ගිනි තිබ්බා. මිනිස්සු මැරුණා. එදා අපේ නායකයෝ පැනලා ගියා. රට භාර ගන්න කෙනෙක් හිටියේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ වෙලාවේ අපේ නායකයෝ මේ රට භාර දුන්නා. අපි නෙමෙයි භාර දුන්නේ රාජපක්ෂ පවුලයි. ඒ භාර දීලා අවුරුදු දෙක හමාරක් ගිහින් ජනාධිපතිවරණය එනකොට මේ රට ගොඩදාපු නායකයා එපා කියන්න සදාචාරාත්මක අයිතියක් නෑ. පොහොට්ටුව ඇතුළු සියළු දේශපාලන පක්ෂවලට පාරට බැහැලා දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණය හැදුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා.

අද බලන්න බංගලාදේශයට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ රටේ නායකයෝ අද පැනලා යනවා. අදවන විට රට අරාජිකයි. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ආවට පස්සෙත් ඒ රටේ මිනිමරණ එක නවත්වන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේ පවුල් පිටින් ගිනි තියලා මරලා ඉවරයි.

එදා රනිල් වික්‍රමසිංහ ‍නොවෙන්න මේ රට ඒ තත්ත්වයට පත්වෙනවා. අපි අපේ පක්ෂයෙන් ඉල්ලුවේ එකයි, එදා ඔහුට බලය දෙන්න පුලුවන් නම් ඇයි අපිට නැවත වතාවක් බලය දෙන්න බැරි කියලා විතරයි. අපි ඇහුවා නාමල්ව දාලා දිනන්න පුලුවන් ද?. පරදින බව දැන දැන ඇයි නාමල් දාන්නේ?. ඒ වෙනුවට දිනන අපේක්ෂකයෙකුට උදව් කරලා මේ රටේ පවතින ආර්ථික අර්බුධයෙන් ගොඩගන්න සහයෝගය දෙමු කියලා අපි යෝජනා කළා. හැබැයි ඒවට ඇහුම්කන් දුන්නේ නෑ.

පාර්ලිමේන්තුවේ 156 න් අපිට ඉතිරි උනේ 96 යි. අනික් අය සීසීකඩ විසිරිලා ගියා. අද පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමෙන් 104 දෙනෙක්ම ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක. ඒ නිසා මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අපිට කිසි බයක් නෑ. රතු නිල් කොළ සියලු දේශපාලන පක්ෂ දැන් මෙතන ඉන්නවා. සියලු ජාතීන්ට මෙතන වාඩිවෙන්න පුලුවන්. සියලු ආගම්වලට එකතු වෙන්න පුලුවන්. මේක නෙවේද අපේ රටේ අවශ්‍යතාවය. ඒක තියෙනවද ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවේ. ජනතා විමුක්ති පෙරමුණ බලයට එනවා කියලා කියන්නේ නැවත 2022 වගේ කැළෑ නීතිය රටට ගේන, නීතිය ගමට භාරදෙන බංග්ලාදේශය වගේ රටක් වෙන්න පුලුවන් තත්ත්වයක්. මේ රටේ ව්‍යාපාරිකයෝ, වෘත්තිකයෝ මේ රට අතෑරලා යන්නේ ඒ නිසා.

සජිත්ට පුලුවන් ද මේ රට ගෙනියන්න. ගොඩදාන්න පුලුවන් ද?. එතුමාගේ පාර්ලිමේන්තුවේ කතා ඇහුවොත් හිතාගන්න පුලුවන් එයා ගැන. මේකට සුදුස්සා රනිල් වික්‍රමසිංහ විතරයි. ඒ නිසා කවුරු මොනවා කීවත් අපිට ලොකු වගකීමක් තියෙනවා. මේ වේදිකාව නියෝජනය කරන්නේ රටට ආදරය කරන මිනිස්සු. මෙතන තමන්ගේ පෞද්ගලික දේශපාලනය කරන කවුරුත් නෑ. අපිටත් ගැටලු තියෙනවා. රනිල් වික්‍රමසිංහට විරුද්ධ උන අය එකම වේදිකාවක ඉදලා එතුමට අද සහයෝගය දෙනවා.

මෙම අවස්ථාවට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතා, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, අසංක නවරත්න, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු පළාත් පාලන ආයතනවල සභාපතිවරු, උප සභාපතිවරු හා විපක්ෂ නායකවරු හා පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT