International

චීනයේ ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානය සාර්ථක ව දියත් කෙරේ

Wednesday, 30 October 2024 - 7:36 pm

බෙයිජිං වේලාවෙන් අද(30) පෙරවරු 04:27ට ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානය රැගත් ලෝන්ග්මාර්ච් අංක 2-FYao 19 වාහක රොකට්ටුව ජියුචුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කර තිබෙනවා.

විනාඩි 10කට පසුව ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානය රොකට්ටුවෙන් වෙන්වී නියමිත කක්ෂයට ප්‍රවේශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගගනගාමී කාර්ය මණ්ඩලය ද යහපත් තත්ත්වයක පසු වීමෙන් එම නිකුත් කිරීමේ මෙහෙයුම සාර්ථක වී ඇති බව සඳහන්.

කක්ෂයට ප්‍රවේශ වීමෙන් පසු එම අභ්‍යවකාශ යානය නියමිත ක්‍රියාදාමයට අනුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග වේගයෙන් ස්වයංක්‍රීයව සම්බන්ධ වනු ඇති.

අනතුරුව ෂෙන්චෞ 19 ගගනගාමීන් එහිදී රැඳී සිටින ෂෙන්චෞ 18 ගගනගාමීන් සමග සේවා මාරුව සිදු කිරීමට නියමිතව තිබෙනවා.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමේදී ෂෙන්චෞ 19 ගගනගාමීහු මොඩියුලයෙන් බැහැර අභ්‍යවකාශයේ සිට ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ක්ෂුද්‍ර ගුරුත්ව පරිසරයේ භෞමික විද්‍යාව ඇතුළු ක්ෂේත්‍රවල පරීක්ෂණ හා ප්‍රගුණ පැවැත්වීමටත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන්වලින් ආරක්ෂා කරන උපකරණ සවි කිරීම ඇතුළු මෙහෙයුම්වලටත් ඔවුන් යොමු වනු ඇති බව සඳහන්.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT