Local

කොල්ලුපිටිය වාළුකාරාම විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කළ කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව ජනපති අතින් නිරාවරණය කෙරේ

Monday, 12 February 2024 - 7:38 pm

කොල්ලුපිටිය වාළුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති, විචිත්‍ර භාණක පූජ්‍ය මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය වාළුකාරාම විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කරන ලද කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදුවිය.

තායිලන්තයේ රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ලුවම් පු සෘෂි කෙත් කැච් තාපසතුමා ඇතුළු තායිලන්ත දායක දායිකාවන්ගේ අනුග්‍රහයෙන් මෙම ලෝහමය ප්‍රතිමාව ඉදිකර තිබේ.

නාම පුවරුව විවෘත කර කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙයට සමගාමීව විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කර තිබූ පූජ්‍ය වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ පිළිරුව සහ සියම් දේශයේ උපාලි මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පිළිරුව නිරාවණය කිරීම පූජ්‍ය මහරගම නන්ද නා හිමිපාණන් වහන්සේගේ සහ රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නාහිමිපාණන් වහන්සේගේ සුරතින් සිදු කෙරිණි.

අනතුරුව ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක මහෝපාධ්‍යාය පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාරාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ විසින් රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් පසුව පූජ්‍ය මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි පිරිස පිළිගනිමින් අනුශාසනාවක් සිදු කළහ.

ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ බුදු දහම වෙනුවෙන් සිදුකළ සුවිශේෂී මෙහෙවර අගයමින් රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නාහිමිපාණන් වහන්සේට සහ ලුවම් පු සෘෂි කෙත්කෑව් තාපසතුමා වෙනුවෙන් සහ මහාචාර්ය නුවන් කාවින්ද විජේසිංහ මහතා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

මෙහිදී ජනාධිපතිවරයා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

ඓතිහාසික රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර, කටුනායක බෝධිරත්නාරාමාධිපති පූජ්‍ය අමන්දොළුවේ ධම්මරතන යන ස්වාමීන් වහන්සේලා ද, වාළුකාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී උඩවෙල කෝලිත ස්වාමීන් වහන්සේ ඇතුළු මෙරට සහ තායිලන්ත ස්වාමීන් වහන්සේලා ද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය රවි කරුණානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩික්සන් ජේ. පෙරේරා යන මහත්වරු සහ විහාරස්ථ දායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT