Local

මෙම වසරේදී වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 9ක්

Wednesday, 10 January 2024 - 3:46 pm

මෙම වසරේදී වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 9ක් සහ කඩොලාන සිටුවීම ඇතුළු තවත් වැඩසටහන් 24ක් ක්‍රියාත්මක කරන බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ තිරණාගම, දකුණු උඩප්පුව, උතුරු උඩප්පුව, නින්දවූර්, සයින්දමර්දු, මූතූර්, වත්තල, මැඩිහ, කොලින්ජාඩිය සහ කොරළවැල්ල යන වෙරළ තීරයන් ආරක්ෂාවන පරිදි එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි.

මේ සඳහා මහා භාණ්ඩාගාරය මඟින් රුපියල් මිලියන 623ක ප්‍රතිපාදන ඉල්ලා තිබේ. දැනටමත් ඉන් රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන වෙන්ව තිබේ.

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ ඉකුත් වසරේදී(2023) වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක කළ බවයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එම ව්‍යාපෘතිය මඟින් දිවයින වටා පිහිටි මීටර 1,220ක වෙරළ තීරයක් ආරක්ෂාවන බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 388ක මුදලක් වෙන් කළ බවද අමාත්‍යවරයා පවසයි.

මොරටුව, කලුතර කැලිඩෝ වෙරළ, අම්බලන්ගොඩ, පෝරුතොට, සයින්දමර්දු, නින්දවූර් සහ තිරක්කෝවිල් ප්‍රදේශවල එම වෙරළාරක්ෂක ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.

මීට අමතරව ඉරණවිල, උප්පාරු, කිරිමුන්දලම, මූතූර්, කාරතිව්, නින්දවූර්, බූස්ස, තල්දියවත්ත, කොක්ගල, සයින්දමර්දු, මාලිගියිකාඩු, කාන්තන්කුඩි සහ උස්වැටකෙයියාව යන වෙරළ තීරවල හදිසි වෙරළාක්ෂක ව්‍යාපෘති 14ක වැඩ නිම කර තිබේ. ඉන් මීටර 1,380ක වෙරළ තීරයක් ආරක්ෂාවන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මීට අමතරව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව වෙරළ තීරයේ කඩොලාන සිටුවීමේ වැඩසටන් 25ක් හා වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති 90ක් ක්‍රියාත්මක කර තිබේ.

වෙරළ කලාපය හා ආශ්‍රිතව සම්පත් අනාගත පරපුර සඳහා රැකගෙන දායාද කිරීමේ අරමුණ ඇතිව දිවයින වටා පිහිටි පාරිසරික වැදගත්කමකින් යුතු ප්‍රදේශ බලපෑමට ලක්වූ සංරක්ෂිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ප්‍රකාශයට පත්කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පියවර ගෙත ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ඒ යටතේ දැනටමත් නැගෙනහිර ප්‍රදේශයේ ආරුගම්බේ වෙරළ තීරයේ උල්ල වැලි වැටිය ආශ්‍රිත ප්‍රදේශය බලපෑමට ලක්වූ විශේෂ ප්‍රදේශයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව සංරක්ෂණය කිරීමට නියමිත බවයි.

දිවයින වටා පිහිටි සුන්දර මුහුදු තීරය ආරක්ෂා කිරීම ධීවර හා සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයට විශාල දායකත්වයක් සපයන බවයි.

ඒ අනුව දැනටමත් වෙරළ තීරය ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන 26ක් හඳුනාගෙන ඇති අතර ඒවා දියුණු කිරීම සඳහා මූලික සැලසුම් වාර්තාවක් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ඒකව ඒකාබද්ධ සකස්කරමින් පවතී.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇත්තේ වෙරළ පරිසරය ආරක්ෂාවන පරිදි එම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසය


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT