Local

නව පාසල් වාරයේ ලැබෙන නිල ඇඳුම් ගැන නිවේදනයක්

Thursday, 19 September 2024 - 9:19 am

2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ලම ඇසුරුම් කර ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වනදාට පෙර එම නිල ඇඳුම් සහ සිවුරු බෙදාහැරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙය හිමිවන අතර අධ්‍යාපන අමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා, චීන රජයේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය මෙලෙස හිමිව තිබෙනවා.

ඒ අනුව මෙම නිල ඇඳුම් 100%ක් නොමිලේ හිමිවනවා.

මේ හේතුවෙන් රජයට රුපියල් මිලියන 7,000ක මුදලක් ඉතිරි වන අතර මෙම නිල ඇඳුම්වල පළමු තොගය නොවැම්බර් මස 13වන දිනත්, දෙවන තොගය නොවැම්බර් මස 21වන දිනත්, තෙවන තොගය දෙසැම්බර් මස 20වන දිනත් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවට චීන රජය විසින් තහවුරු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT