Local

ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 12ක මිල අඩු කරයි

Friday, 22 March 2024 - 8:25 am

අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල ලංකා සතොස ආයතනය මඟින් අඩු කර තිබේ.

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දුගේ උපදෙස් මත උත්සව සමයේ පාරිභෝගිකයන්ට සහන දීමේ අරමුණින් මේ භාණ්ඩ අඩු කළ බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන කීවේය.

රුපියල් 650ක් වූ ලොකු ලූනු කිලෝව රුපියල් 550ක් දක්වාත් රුපියල් 1050ක් වූ රතු කවුපි කිලෝව රුපියල් 998 දක්වාත් රුපියල් 1150ක් වූ සුදු කවුපි කිලෝව රුපියල් 1100 දක්වාත් රුපියල් 670ක් වූ බාස්මති කිලෝව රුපියල් 650 දක්වාත් රුපියල් 360ක් වූ රතු ලූනු කිලෝව රුපියල් 350 දක්වාත් රුපියල් 270ක් වූ සුදු සීනි කිලෝව 265 දක්වාත් රුපියල් 430ක් වූ දුඹුරු සීනි කිලෝව 425 දක්වාත් රුපියල් 170ක් වූ රතු කැකුළු සහල් කිලෝව රුපියල් 168 දක්වාත් අඩුකර තිබේ.

උත්සව සමය වෙනුවෙන් වෙළෙඳපොළ වටිනාකම රු. 4,500ක් වූ ග්‍රොසරි භාණ්ඩ ඇතුළත් “අවුරුදු වාසි මල්ල” රු. 3,480ක මුදලකට සියලු සතොස අලෙවිසල් තුළින් මිල දී ගැනීමට කටයුතු සලසා ඇති බව කී ඒ මහතා එම බඩු මල්ලේ අන්තර්ගත වන්නේ නූඩ්ල්ස් පැකැට්ටුවක් (400g), සුදු කැකුළු ඉඳිආප්ප පිටි පැකට්ටුවක් (700g) , පපඩම් (60g), විනාකිරි බෝතලයක් (350ml), ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට්ටුවක් (500g), සෝයා මීට පැකට්ටුවක් (90g), කිරි පිටි පැකට්ටුවක් (400g), තේ කොළ පැකට්ටුවක් (100g), සැමන් ටින් මාළු (425g), සුදු කැකුළු (2kg), පරිප්පු (500g)ක් වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT