Local

නව ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත…

Monday, 23 September 2024 - 4:55 pm

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර ඇත.

1988 මැයි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරියෙකු ලෙස එක් වූ තුයියකොන්ත මහතා, 1990 වර්ෂයේදී සාමාන්‍ය රාජකාරි නියමු නිලධාරියෙකු ලෙස පත් කරන ලදී.

එමෙන්ම 1990 වසරේ හෙතෙම බෙල් 212/412 හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් නියමුවෙකු ලෙස පියාසර රාජකාරි සඳහා යොදවා ඇත.

2001 වසරේ දී ඔහු දෙවන අණදෙන නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයට පත් කරන ලද අතර, පසුව 2005 වසරේදී අණදෙන නිලධාරි ලෙස පත් කරන ලදී.

ඔහු සිය දීර්ඝ සේවා කාලය තුළ උතුරු නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම ඇතුළු සියලුම ප්‍රධාන මෙහෙයුම් සඳහා ක්‍රියාකාරීව සහභාගී වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස පියාසර පැය 7,000කට අධික කාලයක් වාර්තා කිරීමට ද සමත් වී ඇත.

ඔහු වසර දෙකක කාලයක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස ද කටයුතු කළේය.

මානුෂීය මෙහෙයුම් වලදී ඔහු කළ විශිෂ්ට සේවාව වෙනුවෙන් 'වීර වික්‍රම විභූෂණ' (WWV), 'රණ වික්‍රම පදක්කම' (RWP) සහ 'රණ සූර පදක්කම' (RSP) යන ගෞරවයන් හිමිකරගෙන ඇත.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.


Top Stories
wedivistara

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

wedivistara

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

wedivistara

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

wedivistara

ප්‍රදේශ කිහිපයකට තද වැසි

wedivistara

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

wedivistara

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

wedivistara

පොසොන් දින පණිවුඩ


NEWS ALERT