Local

ලාංකික ශ්‍රමික කාන්තාවන් හොංකොංවල දුක් විඳින බව ට අනාවරණයක්

Sunday, 28 January 2024 - 4:20 pm

රැකියාවක් අපේක්ෂාවෙන් හොංකොං රාජ්‍ය බලා ගොස් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමික කාන්තාවන් අර්බුද රැසකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය ආයතනයක් අනාවරණය කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ලාංකික කාන්තාවන් සිය සේවායෝජකයන් ගේ පහර දීම්වලට මෙන්ම ශ්‍රම සූරාකෑම්වලට ද ලක්වන බවයි.

2018 වසරේ දී රැකියාවක් අපේක්ෂාවෙන් හොංකොං රාජ්‍ය බලා පිටත්ව ගිය ලාංකික කාන්තාවක් සම්බන්ධ කරගනිමින් අදාළ මාධ්‍ය ආයතනය එය අනාවරණය කර ඇති අතර ගීතා යන නමින් එම කාන්තාව හඳුන්වා දී තිබෙනවා.

සිය ස්වාමි පුරුෂයා අසනීප වීමත් සමග රැකියා විරහිත භාවයකට පත්වීම හේතුවෙන් අදාළ කාන්තාව මෙලෙස හොංකොං රාජ්‍ය බලා පැමිණ ඇත්තේ රැකියාවක් අපේක්ෂාවෙන්.

එහිදී නිරන්තරයෙන් ඇය සේවායෝජක කාන්තාවගේ අඩම්තේට්ටම්වලට ලක්ව තිබෙනවා.

පහර දීම, හුස්ම සිර කිරීමට උත්සාහ කිරීම ඇතුළු වදහිංසා රැසකට තමා මුහුණ දුන් බවටයි ඇය අදාළ මාධ්‍ය ආයතනයට ප්‍රකාශ කර ඇත්තේ.

ඇය තිදරු මවක් බව ද අදාළ මාධ්‍ය වාර්තාවේ දැක්වෙනවා.

ගීතා නමින් හඳුන්වන මෙම ලාංකික කාන්තාව පසුව එරට දී අදාළ අවනඩුව සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති නමුත් ඊට නිසි පරිදි සාධාරණයක් ඉටු වී නොමැති බව ද සඳහන්.

මෙලෙස හොංකොං රාජ්‍යයේ මිනිස් ජාවාරමට ශ්‍රී ලාංකිකයන් රැසක් හසු වී ඇති අතර පිරිමි පුද්ගලයන් ඉදිකිරීම් ස්ථානවල නීතිවිරෝධී ලෙස සේවයේ නිරත වී සිටින බවයි පැවසෙන්නේ.

එසේම එලෙස මිනිස් ජාවාරමට හසු වූ ලාංකික කාන්තාවන්ගෙන් ඇතැමුන් ගණිකා සේවයේ යෙදවීමට ද කටයුතු කර ඇති බව ඉහත මාධ්‍ය වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙනවා.

හොංකොං රාජ්‍යයේ රැකියා කරන විදේශීය ගෘහ සේවිකාවන් 356,000 ක් අතර ශ්‍රී ලාංකිකයන් සිටින්නේ 1,126 ක් පමණ වන බවත් එය මුළු සංඛ්‍යාවෙන් සියයට එකකට වඩා අඩු බවත් සඳහන්.

කෙසේ වෙතත් ලාංකික සේවක සේවිකාවන් මෙලෙස අර්බුද රැසකට මුහුණ දී ඇත්තේ කොන්සියුලර් සේවාවේ පවතින දුර්වලතා හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ඒ අනුව භාෂා ප්‍රශ්නය ද විශාල වශයෙන් බලපා ඇති අතර එම නිසා ඔවුන් වැඩි වශයෙන් සූරා කෑමකට ලක්වන බව ද විදෙස් මාධ්‍ය අනාවරණයේ වැඩි දුරටත් දැක්වෙනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT