Local

ගම්ම­න්පි­ල­ගෙන් පැය 3ක ප්‍රකා­ශ­යක්

Tuesday, 10 June 2025 - 8:49 am

කොළඹ වරාය තුළ පසු­ගිය ජන­වාරි මාස­යේදී ඇතිවූ තද­බ­ද­යක් පාල­නය කිරී­මට ශ්‍රී ලංකා රේගුව විසින් ගත් තීර­ණ­ය­කට අනුව පරී­ක්ෂා­ව­කින් තොරව මුදා හරින ලදැයි කියන කන්ටේ­නර් 323ක් සම්බ­න්ධ­යෙන් කළ ප්‍රකා­ශ­ය­කට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හිටපු අමා­ත්‍ය­ව­ර­යෙක් වන පිවි­තුරු හෙළ උරු­මයේ නායක උදය ගම්ම­න්පිල මහ­තා­ගෙන් ඊයේ (09) දීර්ඝ ලෙස ප්‍රශ්න­කර ප්‍රකා­ශ­යක් සට­හ­න් ක­ර­ගෙන තිබේ. එම කන්ටේ­නර් නිද­හස් කිරීම සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා රේගු­වෙන්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් වාර්තා­වක් කැඳවා ඇති අතර ඊට අනුව නිසි රේගු බදු ගෙවී­මෙන් අන­තු­රුව එම භාණ්ඩ කන්ටේ­නර් නිද­හ­ස්කර ඇති බව රේගුව පාර්ශ්ව­යෙන් සඳ­හන් කරන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

නිද­හස් කරන ලද මෙම කන්ටේ­න­ර්වල නීති විරෝධී දෑ තිබුණු බවට සැක­ම­තු­ක­ර­මින් උදය ගම්ම­න්පිල මහතා ඇතුළු දේශ­පා­ල­න­ඥ­යන් කිහිප දෙදෙ­නකු විසින් කර ඇති ප්‍රකාශ පද­න­ම්ක­ර­ගෙන කළ පැමි­ණි­ල්ල­කට අනුව මෙම විම­ර්ශ­නය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ආර­ම්භ­කර තිබේ.

“නිද­හස් කළ කන්ටේ­නර් අතර නීති විරෝධි යමක් ඇති කන්ටේ­න­ර­යක් තිබුණේ නම් එම කන්ටේ­න­රයේ අංකය මෙන්ම එහි තිබුණේ කුම­ක්දැයි පැහැ­දි­ලි­වම ඒ සම්බ­න්ධ­යෙන් විවිධ චෝදනා කරන අයට කියන්න හැකි­යාව තිබිය යුතුයි. අපිට විම­ර්ශන ඉදි­රි­යට කර­ගෙන යාමට එය ලොකු සහ­යක් වෙනවා. කන්ටේ­න­ර්වල නීති විරෝධී දෑ තිබුණු බව කියන විවිධ පුද්ග­ල­යන් ගෙන්ව­මින් අපි ප්‍රශ්න කරනු ලබන්නේ ඒ බව අනා­ව­ර­ණය කර ගන්නයි. හැබැයි තාමත් අපිට එම කන්ටේ­න­ර්වල නීති විරෝධි යමක් තිබුණු බව පැහැ­දි­ලි­වම කිසි­ව­කුත් සඳ­හන් කරල නැහැ.“ යැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ එම උසස් නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

ගයාන් කුමාර වීර­සිංහ


Top Stories
wedivistara

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

wedivistara

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

wedivistara

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

wedivistara

ප්‍රදේශ කිහිපයකට තද වැසි

wedivistara

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

wedivistara

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

wedivistara

පොසොන් දින පණිවුඩ


NEWS ALERT