Local

අපි මිනිස්සුන්ට ණයයි.. ඒ ණය ගෙවන්න රජයක් ඔ්නෑ.. ඒකට රනිල් ජනාධිපති කල යුතුයි..- SB

Monday, 05 August 2024 - 1:19 am

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සහය ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිමට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හගුරන්කෙත ආසන බල මණ්ඩල රැස්විමේදි එකගතාවය පල විය.
නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩලයේ රැස්විම (03) දින හගුරන්කෙත දි පැවති අවස්තාවේදි එම අවස්තාවට පැමිණි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සියළුම සමාජිකයන් දැත් ඔසවා සිය සහය ජනාධිපති අපෙක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිමට එකගතාවය පල කෙරිණ.
හගුරන්කෙත පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්විමට නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයන් පිරිසක් පැමිණ සිටිහ.
මෙහිදි අදහස් දැක් වු පා.ම එස්.බි දිසානායක මහතා කියා සිටියේ අපි මිනිස්සුන්ට ණය නිසා එම ණය ගෙවන්න අපිට රජයක් අවශයි.
රටම එක මිටට එකතු වී රටේ සංවර්ධනය අරමුණු කරගනිමින් මහත් වූ විශ්වාසයකින් ගෝඨාභය රාජපක්ෂයට ඡන්දෙ දෙන්න කියලා අපි මිනිස්සුන්ගෙන් ඉල්ලුවේ ඒ අහිංසක මිනිස්සුන්ට ගොඩක් බලාපොරොත්තු දීලා, ඒ දුන්න බලාපොරොත්තු එකක්වත් අපිට ඉෂ්ඨ කරගන්න බැරි වුණා.
මහා විශාල ප්‍රතිශතයකින් ඉතිහාසයේ ප්‍රථම වතාවට හැට නව ලක්ෂයක් ඡන්ද අරගෙන ජනාධිපති වෙච්ච කෙනා රට පාලනය කරගන්න බැරිව රට අස්ථාවර කරා, අපි නොයෙකුත් බලාපොරොත්තු දීලා ඡන්දෙ ලබාගත්ත මිනිස්සුන්ට කිසිම දෙයක් කරගන්න අපිට බැරි වුණා

වැටිච්ච රටක් ගොඩ ගන්න කිසිදු නායකයෝ ඉදිරිපත් නොවුණු වෙලාවක තමයි රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා නොබියව රට භාර අරගෙන රට සංවර්ධනය කරා ගෙනිච්චේ.

ඒ උතුම් ගතිගුණයට අප කළගුණ සලකන්න ඕන, එක අනිවාර්ය යුතුකමක් වන නිසා තමයි අපි මෙවර තීරණය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි මැතිවරයේදීත් සහයෝගය ලබා දෙන්න යනුවෙන් පැවසිය.


Top Stories
wedivistara

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

wedivistara

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

wedivistara

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

wedivistara

ප්‍රදේශ කිහිපයකට තද වැසි

wedivistara

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

wedivistara

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

wedivistara

පොසොන් දින පණිවුඩ


NEWS ALERT