Local

පාස්කු ප්‍රහාරයට පක්ෂ නායකයෙක් හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් අත්අඩංගුවට..?

Sunday, 17 November 2024 - 9:53 am

අලුතින් ආරම්භ කරන ලද පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ අනුව ළඟදීම හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු සහ දේශපාලන පක්ෂ නායකයකු අත්අඩංගුවට ගැනෙනු ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ චැනල් 4 නාළිකාව මගින් හෙළිදරව්වක් සිදු කළ හන්සීර් අසාද් මවුලානාගෙන් නැවතත් මීට අදාළ ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාගෙන ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන තැනැත්තන් අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

චැනල් 4 වැඩසටහන සම්බන්ධයෙන් මෙයට පෙර පැවති රජය මගින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන්ද කොමිසමක් පත් කළ අතර එමගින්ද විශේෂ වාර්තාවක් ලබා දී තිබේ.

එහෙත් එම පරීක්ෂණ කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස අසාද් මවුලානාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර දැනට විදේශගතව සිටින ඔහු එම සාක්ෂි විමසීමට සහභාගි වූයේ නැත.


Top Stories
wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT