Local

ඉන්දීය වෙරළාරක්ෂක නෞකා දෙකක් ශ්‍රී ලංකාවේ සංචාරයක

Monday, 04 March 2024 - 7:52 am

ශ්‍රී ලංකා – ඉන්දියා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව තිබේ.

ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකාවක් වන සමර්ථ් නෞකාව සහ වේගවත් නිරීක්ෂණ නෞකාවක් වන අභිනව් නෞකාව ගාලු වරායට පැමිණ තිබෙන අතර, මෙම නෞකා පසුගියදා (01) ගාලු වරායේ රැඳී සිටි බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එම නෞකාවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට පෙර පෙරේදා (02) සිට හෙට (05) දක්වා කොළඹ වරායේ සංචාරයක නිරත වන අතර, ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන්ගේ අණදෙන නිලධාරිවරුන් වන නියෝජ්‍ය පරීක්ෂක ජෙනරාල් පී. ප්‍රදීප් කුමාර් සහ කොමාන්ඩන්ට් ප්‍රභාත් කුමාර් මහත්වරු, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමුවීමට නියමිතව ඇත.

මෙම නෞකා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය අතරතුර ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායට VBSS, ගිනි නිවීම සහ හානි පාලනය සහ සමුද්‍රීය දූෂණ ප්‍රතිචාර යනාදිය සම්බන්ධයෙන් පුහුණුව ලබාදෙන අතර, තවත් වෘත්තීය නියැළීම් කිහිපයක නිරත වන බව ද යෝගා ව්‍යායාම, වෙරළ පිරිසුදු කිරීම් සහ ඇවිදීම් වැනි විවිධ වැඩසටහන් ද සංචාරය හා සමගාමීව සිදුකෙරෙන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඊට අමතරව, නෞකා දිවයිනෙන් පිටත් වීමෙන් අනතුරුව ගාල්ලට සහ කොළඹට ඔබ්බෙන් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකාවන් සමඟ සන්නිවේදන සහ සහයෝගිතා අභ්‍යාසයක (PASSEX) ද නිරත වෙයි. ජනතාව අතර සම්බන්ධය වැඩිදියුණු කිරීම සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ එහි හැකියාවන් පිළිබඳ අවබෝධය ඉහළ නැංවීම සඳහා මෙම නෞකාවන් පාසල් දරුවන් සඳහා විවෘතව තැබෙන අතර, ආරක්ෂක අංශයේ සහ සිවිල් පරිපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ශ්‍රී ලාංකික අමුත්තන් සඳහා ප්‍රිය සම්භාෂණයක් ද නෞකාවන්හිදී පැවැත්වේ.

ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ මෙම නෞකා ශ්‍රී ලංකාවට පැමිණීම කලාපයේ සමුද්‍රීය ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ සහ එහි සාමාජිකයන්ගේ හැකියාවන් ඉහළ නැංවීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.

ඉන්දීය නාවික හමුදාවේ කෝරා, කබ්රා සහ කරන්ජ් යන නෞකා සහ සබ්මැරීන් පසුගිය මාස කිහිපය තුළ කොළඹට පැමිණි අතර, ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බළකාය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරයන්ගේ අරමුණ වන්නේ ඉන්දියානු කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (SAGAR) යන දැක්ම සහ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය අනුව අසල්වැසි මිත්‍රශීලි රාජ්‍යයන් දෙකෙහි නාවික හමුදාවන් අතර සහෝදරත්වය සහ කාර්ය සුසංයෝගිතාවය ඉහළ නැංවීමයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT