Local

නවක වද සිදුවීමක් සිදුව ඇත්නම්, අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න - සබරගමුව මහා ශිෂ්‍ය සංගමය

Friday, 02 May 2025 - 11:18 pm

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන්ගේ හදිසි අභාවය පිළිබඳව විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලුම ශිෂ්‍යයින්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම සහෝදරයාගේ මරණයට සමගාමීව විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයින් පිරිසකට නවක වද චෝදනා එල්ල වන බවද, එවැනි නවක වද සිදුවීමක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව විනිවිද භාවයකින් හා අපක්ෂපාතීව පරීක්ෂණයක් කඩිනමින් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවද ඔවුන් සිය නිවේදනය මඟින් සඳහන් කර තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස උපරිම මැදිහත්වීම හා දායකත්වය ලබා දෙන බවද ඔවුන් සිය ලිපිය මඟින් අවධාරණය කරනවා.

ශිෂ්ට සම්පන්න සමාජයක් තුළ නවක වදය නමැති පසුගාමී අදහස් ප්‍රතික්ෂේප වූ කාලයක, එවැනි අදහස් විශ්ව විද්‍යාලය තුළට ගෙන ඒම හෝ ඒ සම්බන්ධයෙන් අනුබල දීම හෝ එවැනි ක්‍රියා සිදුවීම සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස තරයේ හෙළා දකින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.
news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT