Local

‘තුඹයා‘ගේ එළවළු වගාව බලන්න ගිය කෘෂිකර්ම ඇමති

Monday, 18 March 2024 - 4:24 pm

තුඹයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධව සිටින කේ. ඩබ්. චින්තක කුමාර විසින් රන්මිණිතැන්න ප්‍රදේශයේ වගා කර ඇති අක්කර 06ක පමණ එළවළු වගාව(17) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් නිරීක්ෂණය කළේය.

තුඹ කරවිල වගාවෙන් තම වගා කටයුතු ආරම්භ කළ චින්තක කුමාර මහතා ඉන් රුපියල් මිලියන ගණනක ආදායමක් ඉපයීය.

ඉන් අනතුරුව එළවළු වගාවට යොමු වූ ඔහු මේ වනවිට උඩරට හා පහතරට එළවළු දෙවර්ගයම තම ගොවිපළේ සාර්ථකව වගා කර තිබිනි.

කැරට්, බීට්රූට්, සළාද කොළ මෙන්ම ගෝවා ද මේ වනවිට සාර්ථකව ඔහු විසින් වගා කර තිබේ.

නව කෘෂි තාක්ෂණය උපයෝගී කර ගනිමින් අවම රසායනික පොහොර හා කෘමිනාශක භාවිත කරමින් එලවළු වගා කර තිබෙන අතර කාබනික පොහොර භාවිතා කරමින් ඔහු පරිසර හිතකාමී වගාවට යොමු වී තිබීම අගය කරන බවද මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-

අද අප රටේ තරුණ පිරිස් නැවතත් කෘෂිකර්මාන්තයට පිවිසෙමින් තිබෙනවා. විශේෂයෙන් වර්තමානයේ කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමත් සමග තරුණ ආකර්ශණය ඉහල ගොස් තිබෙනවා. රැකියා විරහිතව සිටින වගා කිරීමට කැමැති හාම තරුණයෙකුටම රුපියල් මිලියනයක් බැගින් ලබා දී ඔවුන්ට කෘෂිකාර්මික කටයුතු සඳහා රජය උදව් උපකාර කිරීමේ වැඩ සටහනක් මම ඉදිරියේ දී රජයට යෝජනා කරනවා.

අපි ඔවුන්ගේ නිෂ්පාදන සඳහා යහ කෘෂි පුරුදු (GAP- Good Agricultural Practices) , මෙන්ම තම නිෂ්පාදන අලෙවිය සඳහා අවශ්‍ය වෙළෙඳපළ ද සොයා දෙනවා. ඒ වගේම හැකි තරම් අපනයනය ඉළක්ක කර ගත් වගාවන් කෙරෙහි තරුණ ප්‍රජාව අපි යොමු කරවනවා. මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම මගින් තරුණ ප්‍රජාව නැවත කිසි කළෙක රජයේ රැකියා සොයා දේශපාලනඥයින් පසුපස යන යුගය අපි අහෝසි කරනවා.

පුලියන්කුලමේ බන්දුල අක්කර භාගයක මිරිස් වගා කර රුපියල් මිලියන 12ක ආදායමක් මාස නවයක් තුළ ඉපයුවා. ඒ වගේම තිරප්පනේ බුද්ධික අක්කරයක කොමඩු වගා කර මාස හයක් තුළ රුපියල් ලක්ෂ 40ක් ආදායම් උපයා තිබෙනවා. තිරප්පනේ තවත් තරුණයෙක් මුං ඇට වගා කිරීම මගින් දවස් හතළිස් පහක් තුළ රුපියල් ලක්ෂ 11ක් හෙව්වා.

දැන් අපේ වී ගොවියෝ හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 12-14 ලබා ගන්න තත්ත්වයට පත්වී තිබෙනවා. හම්බන්තොට තවත් ගොවියෙක් බඩඉරිඟු කිරි කරළ් වශයෙන් සපයා රුපියල් ලක්ෂ 12ක ආදායමක් උපයා තිබෙනවා.

අපිට අවශ්‍ය මෙවැනි තරුණ පරම්පරාවක් රට තුළ බීහිකිරීම. කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීම තුළ තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම යුගයේ අවශ්‍යතාවයක්. අපිට අවශ්‍ය තුඹයා වැනි තරුණ පරපුරක්.

මම පසුගිය සතියේ නිල් කට්රොළු මල් අපනයනය සඳහා වගා කරන පිරිසක් මුන ගැසුනා. ඒ ප්‍රවෘත්තිය ඇතැම් නාලිකාවල වගේම පුවත්පත්වලත් වාර්තා වුනා. කැළේ නිකම්ම වැවුන නිල් කට්රොල් මල් වගාව දැන් රටට ඩොලර් උපයන ව්‍යාපෘතියක්.

නමුත් සමහර නාළිකාවල හා පුවත්පත්වල එම පුවතට ප්‍රමුඛත්වය ලබා දි තිබුනේ නෑ. ඊට වඩා ප්‍රචාරයක් ජෝන් සීනා නිරූවතින් ඔස්කාර් සම්මාන උළෙලට ආපු එක ගැන දී තිබුනා. ජොන් සීනාගේ නිරුවතට දෙන තැන අද අපේ රටේ ඇතැම් මාධ්‍යවල සංවර්ධන ප්‍රවෘත්තිවලට දෙන්නේ නැහැයි ද අමාත්‍යවරයා පැවසීය.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT