Local

ඉන්දියා – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය 16වැනිදා සිට – අද රෑ සිට ටිකට් වෙන් කර ගත හැකියි

Monday, 12 August 2024 - 6:16 pm

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අගෝස්තු 16වැනිදා සිට යළිත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම යාත්‍රා සේවයේ මෙහෙයුම්කරු වන IndSri Ferry Service පුද්ගලික සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ මෙම මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කිරීම ඔන්ලයින් මාර්ගයෙන් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකළ හැකි බවයි.

ඒ අනුව http://sailindsri.com/ වෙත පිවිස මගීන්ට මගී යාත්‍රා සේවයෙන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ තමිල්නාඩුවේ නාගපට්නම් අතර මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මැයි මාසයේදී මෙය දියත් කිරීමට සැලසුම් කර තිබුණ ද එය අවලංගු විය.

තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට යාපනය අසල කන්කසන්තුරේ වරායට සම්බන්ධ කරන සෘජු මගී යාත්‍රා සේවය මුහුදු තත්ත්‍වයට අනුව ආසන්න වශයෙන් පැය තුනහමාරකින් කිලෝමීටර 111 (නාවික සැතපුම් 60) ක දුරක් ආවරණය කරයි.

මැයි මාසයේදී, නාගපට්නම් සිට කන්කසන්තුරේ දක්වා එක් පැත්තක ගමනක් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව USD 50 සහ බදු අයත්(ආසන්න වශයෙන් රුපියල් 4,920) වන බව නිවේදනය කරන ලදී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT