Local

මධ්‍යම අධිවේග ව්‍යාපෘතියේදී නිවාස අහිමිවූවන්ට ඉඩම් ඔප්පු

Thursday, 04 April 2024 - 8:14 am

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය – පළමු අදියර සඳහා ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූවන්ට ලබාදුන් ඉඩම් කැබලි සඳහා ඔප්පු ලබාදී තිබෙනවා.

ඒ අනුව මහර, ගම්පහ, අත්තනගල්ල, දිවුලපිටිය, මිනුවන්ගොඩ, මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඉඩම් කැබලි 7881ක් ව්‍යාපෘතිය සඳහා අත්පත් කරගෙන ඇති බව සඳහන්.

එම ඉඩම් සඳහා වන්දි වශයෙන් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 10,852.03ක්.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී නිවාස අහිමිවූවන් 71 දෙනෙකු වෙත ප්‍රතිස්ථාපන ඉඩම් ලබාදීම වෙනුවෙන් ඔප්පු ලබාදීම මේ යටතේ සිදු කර තිබෙනවා.

එහිදී අම්බනවත්ත ප්‍රතිස්ථාපන ඉඩමේ ඉඩම් කැබලි 31ක්‌, මොට්ටුන්නවත්ත ප්‍රතිස්ථාපන ඉඩමෙහි ඉඩම් කැබලි 20ක්‌, පාතකඩවත්ත ප්‍රතිස්ථාපනයේදී මෙහි ඉඩම් කැබලි 20ක්‌ සඳහා ඔප්පු ලබාදීම අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් සිදු කර ඇති බව සඳහන්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT