Local

බාලදක්ෂයන් වෙනුවෙන් ‘සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරය‘ ස්ථාපති කළා

Wednesday, 17 January 2024 - 8:59 pm

මෙරට අධ්‍යාපනය හදාරන ලක්ෂ හතලිස් දෙකකට ආසන්න දරුවන් බාලදක්ෂ ව්‍යාපාරය තුළට යොමු කර ගැනීමේ අරමුණින්න ‘සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරය‘ ස්ථාපති කළ බව එහි සභාපති, ආචාර්ය ඩබ්ලිව් චම්පික රෝෂන් ලෝව් මහතා පැවැසීය.

වසර දෙකක් ඇතුළත තම නව ව්‍යාපාරය සඳහා සමාජිකයන් ලක්ෂයක් ඉක්ම වූ පිරිසක් එක්කර ගන්නා බව හෙතෙම කීවේය.

‘‘සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරය‘‘ ස්ථාපති කිරීමේ අරමුණ පැහැදිළි කිරීම වෙනුවෙන් ගල්කිස්ස හොටෙල් හවුස්චන්ද්‍රාහි ඊයේ (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් චම්පික රෝෂන් ලෝව් මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව එම ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ ජනගත කිරීම සඳහා ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනයේ (World Federation OF Indipendent Scout) සභාපති Klaus Albert Tegeder මහතා ලංකාවට පැමිණ සිටින බවද හෙතෙම කීවේය.

සිය ව්‍යාපාරය වසර දෙකකට අධික කාලයක් මෙරට තුළ ක්‍රියාත්මක වූ බවත් එහෙත් එහි නිල වශයෙන් ප්‍රධාන කොමසාරිස්වරයා පත් කිරීම Klaus Albert Tegeder මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බවත් ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමඟ එක්ව සිටිමින් ලබාගත් දැනුම උපයෝගි කරගනිමින් නව ව්‍යාපාරය තමන් ආරම්භ කළ බව පැවැසූ ඒ මහතා බාලදක්ෂ ව්‍යාපාරය තුළ අද්දැකීම් ලබාගෙන ඇති සිය දියණියන් දෙදෙනා ජාත්‍යන්තර හා වැඩසටහන් කොහමාරිස්වරුන් ලෙස කටයුතු කරන අතර අනෙක් තනතුරුද කඩිනමින් පත්කරන බව පැවැසීය.

මේ වන විට බාලදක්ෂ ව්‍යාපාරය සංවිධාන තුනක් යටතේ ලෝකයේ ක්‍රියාත්මක වන බවත් එංගලන්තය, ජිනීවා හා ජර්මනිය කේන්ද්‍ර කරගනිමින් එම සංවිධාන ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ලෝව් මහතා කීවේය.
සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අපි මේ වන විට සමාගම් මැඳුර තුළ ආයතනයක් ලෙස මෙම ආයතනය ලියාපදිංචි කරලා කොරෝනා වසංගතය කාලයෙයි ආරම්භ කළේ. මේ වන විට අපේ ව්‍යාපාරය තුළ නිල ඇඳුම අදින 2000ක් පමණ සාමාජික සාමාජිකාවන් ඉන්නවා.ඔවුන් විවෘත කණ්ඩායම් ලෙස ගුරුවරයෙකු යටතේ පුහුණුවීම් ලබනවා. අපිත් ඉදිරියේ දී ජනාධිපති පදක්කම ලබා දීමට කටයුතු කරනවා.ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. එම නිසා අපි දරුවන්ගෙන්, සමාජයෙන් ඉල්ලා සිටිනවා අප සමඟ එක් වෙන්න කියලා.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT